Colombo Today Local News

පාඨලී හෙළ උරුමයෙන් ඉවත්වෙයි

ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (12)දින සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.

මේ අතර ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස දේශපාලනයේ නිරත වු තවත් නියෝජිතයින් කිහිපදෙනෙකු ද ඉන් ඉවත්ව තිබේ.

ඒ අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේ දී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා,

“දේශපාලන ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් තුළ අද වනවිට අලුත් තත්ත්වයන්වලට අප මුහුණ දෙමින් සිටින අතර අද රටට නව සමාජ බලවේගයක අවශ්‍යතාවයක් මතුව තිබෙනවා. එම නව සමාජ බලවේගය ගොඩනැනීම වෙනුවෙන් අද අප ජාතික හෙළ උරුමයේ පක්ෂ සමාජිකත්වයෙන් හා තනතුරුවලින් ඉවත් වීමට කටයුතු කරනවා. අද රටෙහි සිටින තරුණ පිරිසට අනාගතයේ මේ රට භාරදිය යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් යහපත් රටක් නිර්මාණය කිරීම අප සියලු දෙනාගේ වගකීමක්. මෙම තරුණ පිරිස විධිමත් ලෙස මෙහෙයවීම වෙනුවෙන් නව සමාජ ජාතික බලවේගයක අවශ්‍යතාවය අද අනිවාර්යයි. රටෙහි සිටින තරුණ පිරිසට රට භාරදීමට කිසිසේත් සුදුසු තත්ත්වයක් අද නොපවතින අතර පැරණි දේශපාලන පවුල්වල නෂ්ටාවශේෂයන් අදටත් මේ රටේ පාලනය ගෙනයාමට කටයුතු කරමින් සිටිනවා. මෙම ක්‍රමය අප වෙනස් කළ යුතුය. ඒ වෙනුවෙන් වන නව සමාජ බලවේගයක් නිර්මාණය කිරීමට අප ඉදිරියේදී ක්‍රියා කරනු ලබනවා.“

Related posts

තබ්බෝව රක්ෂිතයේ අක්කර 175ක් ඇමති බෑණාට.. අණපණත් කුණූ කූඩයට දමා කැබිනට් අනුමැතිය දෙයි !

colombotoday

ග්‍රාම සේවා නිලධාරීන් 2000ක් බඳවා ගැනීමට කටයුතු සැලසේ.

Admin

මාරක ළිඳේ පඩිපෙලකින් ඇද වැටී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

හම්බන්තොට වරායේ සිංහ කොඩි කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි (Video)

colombotoday

රුපියලේ හුළං බහී

Admin

අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 135 දක්වා ඉහලට. මුළු ආසාදිත සංඛ්‍යාව 1317 දක්වා ඉහලට.

colombotoday