බේරුවල චීන කොටුව ප්‍රදේශයේ නීතිවිරෝධී දුම්වැටි තොගයක් පිළිබදව ලැබුණු තොරතුරුක් මත ඊයේ 26 සෝදිසි කිරීම් සදහා එහි ගිය වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට පහරදීමක් සිදුව තිබෙනවා.
එම ප්‍රදේශයේ ව්‍යාපාරික් ස්ථානයක තිබී එම දුම්වැටි තොගය දුෂණ මර්ධන නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර අදාළ ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කිරීමට ගිය අවස්ථාවේදී දාහක පමණ පිරිසක් පැමිණ විරෝධය දක්වා තිබෙනවා.
එම පිරිස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට පහරදී හිරිහැර කර ඇති අතර, පොලිසිය පැමිණ එම නිලධාරීන්ගේ බේරාගෙන ඇති බවයි සදහන් වෙන්නේ.