Colombo Today Local News

හොරොව්පතානේ අරාබි පාසලක දරුවන්ට ඉගැන්වූ අන්තවාදී දේශන ඇතුලත් සීඩි 46ක් අත්අඩංගුවට

හොරොව්පොතාන මුක්කරවැව දී අත්අඩංගුට ගත් පාසල් ගුරුවරයාගේ නිවසේ සහ ඔහු අධ්‍යක්ෂධුරය දරණ මුක්කර පිහිටි අරාබි පාසලක සිදුකළ පරීක්ෂාවකදී සීඩී තැටි 46ක්, විවිධ නාමයන් සහිත රබර් මුද්‍රා 36ක්,  සොයා ගත් බව හොරොව්පොතාන පොලීසිය කියයි.

ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ප්‍රහාරයෙන් මියගිය බවට සැක කෙරෙන එහි නායකයා වන සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සම්බදතා පැවැත්වූ බවට පසුගියදා මොහුව සැකපිට අත්අඩංගුවට ගැණිනි.

කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් සහ යුද හමුදා බුද්ධි අංශවල සහයෝගයෙන් හොරොව්පොතාන පොලීසිය විසින් සිදුකළ විශේෂ පරීක්ෂාවේ දී මෙම උපකරණ තොගය සොයා ගෙන ඇත.

තව්හීත් ජමාත් සංවිධානය සමඟ හුවමාරු කරගත් ලිපි කිහිපයක් ද එහි තිබී සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් කියයි.

ත්‍රස්තවාදී ප්‍රහාරයට සැකපිට වරකාපොල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවකු සමඟ 2004 වසරේ සිට සමීප සබඳතා පැවැත්වීමත් 2016 වසරේ සහරාන් හසීම් නමැත්තා විසින් හොරොව්පොතාන පත්තෑව ජුම්මා මුස්ලිම් පල්ලියේ පවත්වන ලද දේශනයකට සහභාගී වූ බවටත් පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් අනුව මෙම සැකකාර ගුරුවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව ඉකුත් 30 වැනි දා මෙම  සැකකරු කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අධිකරණයෙන් අවසර ලබා ගත්තේය. 

පොලීසිය පවසන්නේ එහිදී ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බවයි. තවද විවිධ ඉස්ලාම් සංවිධාන වලින් තමන්ට මුදල් ලැබුණු බවත් ඒවා අසරණ පවුල් සඳහා වියදම් කළ බවත් ප්‍රශ්න කිරීමේ දී සැකකරු පවසා තිබේ.

Related posts

සිසුන්ගේ ආරවුල විසදුවාට ගුරුවරුන්ට හිමිවූ ත්‍යාගය

Admin

අගමැති පරාද විය යුතුයි නැත්නම් ඉල්ලා අස්විය යුතුයි

colombotoday

සත පහක්වත් වැය නොකර රජයට රු මිලියන 3500ක් ගෙනා ගෝඨාභයගේ සුපිරි වැඩක් ගැන විජයදාස හෙළි කරයි (Video)

colombotoday

ජනතාවම මුදල් එකතු කරදී මාස තුනයි.. කෝටි 20ත් නෑ.. පෙට් ස්කෑනරෙත් නෑ !

colombotoday

නයිජිරියානු ජාතිකයින් තිදෙනෙක් ගල්කිස්සේදී අත්අඩංගුවට

colombotoday

හමුදා නිලධාරීන් ධුරවලින් නෙරපන්නැයි මානව හිමිකම් කොමසාරිස්වරිය රජයට දන්වයි…

colombotoday