Colombo Today Local News

හෙරොයින් හා හමුදා නිල ඇඳුම් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

හෙරොයින්, හමුදා නිල ඇඳුම් හා මුදල් සමග අහුන්ගල්ලේ දී ඊයේ (02)දින පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අහුන්ගල්ල කඳවුරේ නිළධාරීන් පිරිසක් එම වැටලීම සිදුකර ඇත.

හෙරොයින් ග්‍රෑම් 130කට වැඩි ප්‍රමාණයක් හමුදා නිල ඇඳුම් 10ක් හා රුපියල් හය ලක්ෂයකට වැඩි මුදල් ප්‍රමාණයක් සමග එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ පස්වරුවේ අහුන්ගල්ල වැලිකන්ද බෝගහපිටිය ප්‍රදේශයේදීය.

අදාළ පුද්ගලයාගේ හැසිරීම ගැන සැක සිතී සිදුකළ පරීක්ෂාවකදී එම හෙරොයින්, හමුදා නිල ඇඳුම් සහ මුදල් හමු වී තිබේ.

සැකකරු මීට පෙරද මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව ඇප ලබා පැමිණි පුද්ගලයෙකි.

Related posts

“අමුත්තන්ගේ රාත්‍රිය” නමින් හොරුන්ගේ මෙහෙයුමක්.

colombotoday

සෞඛ්‍ය අමැතිගෙන් ඉල්ලීමක්

colombotoday

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

colombotoday

ජාතිවාදය අවුලමින්, නීතිය හැල්ලු කල අසාද් සාලිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි.

colombotoday

කොටි සැමරුමට ඉඩ ඉල්ලූ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේපයි.

colombotoday