Colombo Today Local News

හෙරොයින්, හෂීස්, ගංජා සහ මත්පෙති සමග තරුණයෙකු කොටු

දෙවිනුවර ප‍්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයෙකු ගන්දර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් එකයි මිලිග‍්‍රෑම් 50 ක්, හෂීස් ග‍්‍රෑම් 15 ක්, ගංජා ග‍්‍රෑම් 85 ක් සහ මත්පෙති 15 ක් සොයාගත් බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවිනුවර පදිංචි වයස අවුරුදු 23 ක් වන තරුණයෙක්.

ගන්දර පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

“කොරෝනා මර්දනය කරන අතරම රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැනත් බලන්න”

colombotoday

අම්පාරේ නිවසකින් මරාගෙන මැරෙන ඇඳුම් කොටස් සොයාගනී

colombotoday

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

colombotoday

වයඹ DIG ඇතුළු නිලධාරින් 5කට ස්ථාන මාරුවීම්

Admin

වැලිසර වගේ මිනුවන්ගොඩ පොකුරත් ව්‍යාප්ත වෙන්න පුළුවන් : සුදත් සමරවීර

colombotoday

රනිල්ගේ ආරක්ෂාවට සිදු වුන දේ

Admin