Colombo Today Local News

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් ස්ථිර සේවකයින් නොවේ – රස පරීක්ෂක දෙපාර්තමේන්තුව

මත්ද්‍රව්‍ය ජාවාරමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ බවට වාර්තා වන සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

පසුගියදා එම දෙපාර්තමේන්තුව රසායනගාරයේ සේවකයින් දෙදෙනෙකු හෙරොයින් සමඟ පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය.

කෙසේවෙතත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ පුද්ගලයින් එහි ස්ථීර සේවකයින් නොවන බවය.

එම දෙපාර්තමේන්තුවේ සේවකයින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද එහි ප්‍රකාශකයෙකු පැවසුවේය.

මේ හේතුවෙන් අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පියවර ගෙන ඇති අතර මේ පිළිබඳ පොලීසිය දැනුවත් කිරීමට ද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ නඩු භාණ්ඩ ගබඩා කර ඇති ස්ථාන ඉහළ සුරක්ෂිතභාවයකින් යුක්ත වන බැවින් ඊට ඇතුළු වීමට කිසිවෙකුට අවස්ථාව හිමි නොවන බව වාර්තා විය.

එවැනි තත්ත්වයක් තුළදි අදාළ පුද්ගලයින්ට කුමන ආකාරයෙන් මත්ද්‍රව්‍ය ලැබුණේ ද, ඔවුන් පිටත මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ අය ද යන්න පිළිබඳ මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඒ අනුව, අදාළ සිද්ධි සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අද ගෑස් බෙදා දෙන අලෙවි ස්ථාන මෙන්න

colombotoday

මහ බැංකු පරිශ්‍රයට කඩා වැදි 09ක් අත්අඩංගුවට

Admin

කන්කසන්තුරයේදී පොලිස් නිලදාරියෙකුට පහරදෙයි දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන තනතුරෙන් ඉවතට ? පන මදි ලොක්කෝ රැසකට තනතුරු අහිමි වෙයි ?

colombotoday

නිරෝධායන නීති කැඩූ 674ක් අත්අඩංගුවට

colombotoday

දුම්රිය හරස් මාර්ගයේ ගිය මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

colombotoday