Colombo Today Local News

හෙරොයින් ජාවාරම්කරුවන් නිදහස් වී යාම කනගාටුදායක තත්ත්වයක් – මහාධිකරණ විනිසුරු

හෙරොයින් මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන නිලධාරීන් අතින් ඇතැම් අවස්ථාවල සිදුවන නොසැලකිලිමත් කටයුතු සහ ඔවුන් අතින් සිදුවන දෝෂයන් හේතුවෙන් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන් නිදහස් වී යාම කනගාටුදායක තත්ත්වයක් යැයි කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද විවෘත අධිකරණයේදී සඳහන් කර සිටියේය.

2012 වසරේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 198.19 ක් ප්‍රමාණයක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි මෙරිඤ්ඤගේ ධනසිරි නැමැති විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම කරුණ විවෘත අධිකරණයේ සඳහන් කර තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩු විභාගයේදී අනාවරණය වූ පරස්පර සාක්ෂි මෙන්ම සටහන් යෙදීමේදී තිබූ දුර්වලතා හේතුවෙන් විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවය.

ඒ අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බව ද විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේය.

මෙම විත්තිකරුට එරෙහිව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි පෙන්වා දුන් විනිසුරුවරයා මෙතරම් විශාල හෙරොයින් ප්‍රමාණයක් මෙම විත්තිකරු අත්අඩංගුට ගන්නා අවස්ථාවේදී පොලීසිය විසින් හඳුන්වා දුන්නේ යැයි සිතිය නොහැකි බව සඳහන් කර තිබේ.

2012 වසරේ සැප්තැම්බර් මස 26 වන දින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් කොළඹ පුරහල අසල සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු ද සමඟ මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

කසල තේ කිලෝ 7000ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Admin

“ජන මතයට බිය නැත්තම්, පළාත් පාලන මැතිවරණය තියල පෙන්වන්න” – විමල්

colombotoday

ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයි…

colombotoday

මෛත්‍රීට රට කරන්න පුලුවන්ද ? බැරිද? රට අච්චාරුවක් වෙලාද? – ජනතාව කියන කතා මෙන්න

colombotoday

ඥානසාර හිමි කිසිවෙකුටවත් මරණ තර්ජන කලේ නෑ… බොදු බලෙන් පිළිතුරු

colombotoday

ග්‍රාම නිලධාරීවරයෙක් මහ මග කපාකොටා ඝාතනය කරයි

colombotoday