ජාතිවාදය හා ත්‍රස්තවාදය වපුරන බවට චෝදනා කරමින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයන් හස්බුල්ලා ඉවත් කරන්නැයි ඉල්ලා අද ත්‍රිකුණාමලය නගරයේ හා කන්තලේ, සේරුනුවර, තඹළගමුව ප්‍රදේශවල කඩ සාප්පු වසා හර්තාලයක් ක්‍රියාත්මක කර ඇත.
පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති අතර, ධාවනයේ යෙදුණු ලංගම බස් රථයකට ද කුපිත වූ ප්‍රදේශවාසීන් පහර දී ඇත.
ත්‍රිකුණාමලය මඩකලපුව මාර්ගයේ සංගම හන්දියේ සහ නිලාවේලි මාර්ගය අවහිර කර ටයර් පුලුස්සා ඇත.
ප්‍ර දේශයේ පාසල් කිහිපයකටම කිසිදු දරුවෙකු පැමිණ නැති බවදා වාරතා වේ.
අප්‍රේල් 21 එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ ප්‍රධානතම ත්රස්තවාදීයා ලෙස සැලකෙන මොහොමඩ් සහරාන්ගේ කල්ලියට දේශපාලන රැකවරණ දුන් බවට හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාට චෝදනා එල්ලවී ඇත.