World

හිරෝෂිමා නගරය විනාශ කළ පුංචි කොලුවා

ජපානයට න්‍යෂ්ටික බෝම්බය හෙළා අදට (06)දිනට වසර 75 කි.

කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර අනුස්මරණ උත්සව පවත්වන්නේ සුළු වශයෙනි.

1945 අගෝස්තු 6 වැනිදා, එක්සත් ජනපද බෝම්බ හෙළන යානාවක් හිරෝෂිමා නගරයට ඉහළ අහසේ දී යුරේනියම් බෝම්බයක් හෙළීය.

එම බෝම්බය නම් කර තිබුනේ “පුංචි කොලුවා” (Little Boy) යනුවෙනි. බෝම්බය පිපිරී යෑම හේතුවෙන් නගරවාසීන් 70,000ක් එම අවස්ථාවේදීම මියගොස් ඇති අතර පසුව තවත් 70,000ක් පමණ මරුමුවට පත් වී තිබේ.

ඉන් දින තුනකට පසු, නාගසාකි නගරය ටද අමෙරිකානුවන් විසින් න්‍යෂ්ටික බෝම්බයක් හෙළන ලදී. ඉන් සති දෙකකට පසු ජපානය යටත් විය. ඒ සමග ම දෙවන ලෝක යුද්ධය නිම විනි.

Related posts

එක්සත් ජනපදය ලොව පළමු පියාසර මෝටර් රථයට අනුමැතිය දෙයි

Admin

ISIS පුහුණුව ලබා දී ඉන්දීය තරුණයන් සිරියාවට යැවූ පුහුණුකරු අත්අඩංගුවට

colombotoday

කැතේ පැසිෆික් සේවකයින් 8500කට රැකියා අහිමි වේ

colombotoday

IS – K මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට අමෙරිකාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

colombotoday

යුක්‍රේනයේ යුද කලාපයේ දී ප්‍රංශ මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි

Admin

කොරෝනා නිසා මුලු කුවේටයටම ඇඳිරිනීතිය

colombotoday