Colombo Today Local News

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගෙන් පැය 152කට අධික කාලයක් ප්‍රශ්න කරයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය දින16ක් පුරා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මෙතරම් දින ගණනාවක් වෙනත් කිසිදු අයෙකුගෙන් කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය ප්‍රශ්නකර නොමැති බවය.

දිනකට පැය 08කට වැඩි කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බවත් ඒ අනුව පැය 152කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ජනාධිපති කොමිසමේ ප්‍රකාශයෙකු සඳහන් කරයි.

නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඉදිරි දිනවලදීත් ප්‍රශ්න කිරීමට නියමිත බව එම ප්‍රකාශකයා පවසයි.

ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙනත් අයකුගෙන් ප්‍රශ්න කර ඇති වැඩිම කාලය දින හතරකි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගෙන් රහසිගත ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබුණේ 2019 ජුලි 24 වැනි දා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටත ස්ථානයකදීයි.

මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද තුන්වන දිනයටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටියේය.

Related posts

මන්නාරම් මිනී වළේ ඇමරිකානු කාබන් වාර්තාව වෙනුවට තමිල්නාඩුවේ වෛද්‍යවරයකු කොටි හිතවාදීන් ජිනීවා ගෙන යයි

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් ‘තාවකාලිකව’ ඉවත් කිරීමට අගමැති එකගයි.. කිළිකුණු හෝදා නැවත අධිපතිකමට ගතහැකියි !

colombotoday

තුනට කැඩුනු ගෑස් සිලින්ඩරය

Admin

මහනාහිමියන් සංවේදී වෙයි.. සති දෙකකින් පිළිතුරු දෙන්න පොරොන්දුවක් !

colombotoday

සජිත් ලැබුවේ පරාජයක් නෙවෙයි, ලක්ෂ 14ක අන්ත පරාජයක්…

colombotoday

සජිත් – රනිල් එකගතාවක… සජිත් ජනපති වුවත් වෙනසක් නෑ…. අගමැති රනිල්මයි !

colombotoday