Colombo Today Local News

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් උද්‍යාන මාවතේ ඇවිදින්න ගිහින් මරුට

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන ඒ.ජේ.එම් ෆායිස් මහතා කොම්පඤ්ඤ වීදිය උද්‍යාන මාවතේ පා ගමනින්ගමන් කරමින් සිටි අතරවාරයේ හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය කියයි.

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා පැමිණි කාර් රථය පරීක්ෂාකර බැලීමේදී ඒ තුළ තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ එම පිස්තෝල උණ්ඩ පහක් සොයාගත් බව වාර්තා වෙයි.

මෙම පිස්තෝල අවිය ළඟ තබා ගැනීමට ඔහුට ලබාදී තිබූනීත්‍යානුකූල බලපත්‍රය සහ අවිය භාවිතා කිරීමට නිකුත් කර තිබූ ලියවිල්ල ද කාර් රථය තුළ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

කොම්පඤ්ඤ වීදිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

ලංකාවේ පළමු නි‌යෝජ්‍ය පොලිස්පතිනියට පොලිසියෙන්ම පෙත්සමක්

colombotoday

මාලිමාණ්ඩුවේ කැබිනට් එකට මුස්ලිම් ඇමති කෙනෙක්?

Admin

2024 අයවැය නොවැම්බර් 13 වනදා මැතිසබයට

Admin

තවත් ෆයිසර් එන්නත් තොගයක් කටුනායකට

colombotoday

පිදුරංගලට පස්ස හරවා ජාතියට හෙළුව පෙන්නූ නරුමයන් අල්ලන්න හොයයි…

colombotoday

ලබන වසරේ සිට10 ශ්‍රේණියේ දරුවන්ට අලුත් විෂයක්

Admin