Colombo Today Local News

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ICCයට එවූ කිසිදු ලිපියක තොරතුරු නෑ – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය

2011 ලෝක කුසලාන අවසන් තරඟය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කිසිදු සැකයක් නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් පවසයි.

එම තරඟය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඒකකයක් (Integrity Unit) සොයා බැලූ බවත්, නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන රීති යටතේ පරීක්ෂණයක් ඇරඹීමට කිසිදු සාක්ෂියක් එම චෝදනා සම්බන්ධයෙන් ඉදිරිපත් වී නොමැති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

“මේ සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ICCයට එවූ කිසිදු ලිපියක තොරතුරු නැහැ. ICCයේ එවකට සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ස්ථීර කළා එවැනි ලිපියක් ලැබුණු බවට මතකයක් නැති බවට. එවැන්නක් ලැබුණා නම් ඒ ගැන පරීක්ෂණයක් කිරීමට ඉඩ තිබුණා. 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟය ගැන අපිට කිසිදු සැකයක් නැහැ.”

“අපි මෙවැනි සියලු චෝදනා බරපතල ලෙස සළකනවා එම චෝදනා සම්බන්ධයෙන් යම් සාක්ෂියක් ඇත්නම් අපි අපගේ වර්තමාන ස්ථාවරය සමාලෝචනය කරනවා”.

“මෙම තරඟය හෝ වෙනත් කිසියම් හෝ තරඟයක පාවාදීමක් සිදුව ඇති බවට කවුරුන් හෝ සතුව සාක්ෂි ඇත්නම් අපි ඔවුන්ට කියනවා ICCයේ ඉන්ටෙග්රිටි කණ්ඩායම ට තොරතුරු දෙන්න කියලා.”

Related posts

මිලියන 600ක ඉන්දු – ලංකා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම අලුත් වෙයි

colombotoday

කුරහන් තලප කාපු අපට ආප්ප න්‍යාය පුරුදු නෑ

colombotoday

වනාතවිල්ලුවේ ISIS කදවුරක්… පිටුපස ප්‍රබල දේශපාලකයෙක්….

colombotoday

සමන් රත්නායක රක්ෂිත බන්ධනාගාරයෙන් බන්ධනාගාරයට

Admin

පැලවත්තේ දැවැන්ත විරෝධතාවක්

Admin

තවත් කොරෝනා ආසාදිතයින් 7ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

colombotoday