Colombo Today Local News

හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පති අත්අඩංගුවට

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

හිටපු ආරක්ෂක ලේකම්වරයාට අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව හමුවේ පෙනී සිටින ලෙසද දන්වා තිබුණි.

පාස්කු ඉරිදා ප්‍රහාරය හා එහි බලපෑම අවම කර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අනිවාර්යය නිවාඩු ලබා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාද අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ඉහත සඳහන් චෝදනා යටතේමය. හිටපු පොලිස්පතිවරයා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හෙට(03) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද සවස නියෝග කළාය.
 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම්දීම මත කොළඹ ජාතික රෝහලට සහ නාරාහේන්පිට පොලිස් රෝහලට ගොස් සැකකරුවන් පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරිය මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

Related posts

චන්ද්‍රිකාගේ වැඩමුළුව මෛත්‍රී අනින් නවත්වයි

colombotoday

දකුණට සෙනෙහස පෙන්වන්න මේ හොදම වෙලාවයි.. ආණ්ඩුකාර කුරේ උතුරේ ජනතාවට කියයි

colombotoday

එට්කා එන්නත් කලින් රාජිතලා බලෙන්ම දෙයි.. රෝහල්වල රෙදි සේදීමත් ඉන්දීය සමාගමකට !

colombotoday

ජනපතිගේ අවසර නැතිව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට රැස්වීම් තියන්න තහනම්

colombotoday

නව ඇමැතිවරුන්ගේ ගැසට්ටුව නිකුත් වෙයි

colombotoday

කුවේටයේ සිටි ලාංකිකයෝ 31 ක් දිවයිනට එවයි

Admin