හිගුරක්ගොඩ ප්‍රදේශයේ හෝටලයක පැවැති ෆේස්බුක් (මුහුණු පොත) සාදයකදි හෙරෝයින් කේරළ ගංජා මත්පෙති සහ අබින් සමග තරුණියන් 06ක් තරුණයන් 83ක් අද (03) දින අලුයම අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ ජි ධම්මික විරසේකර මහතා පැවසිය.
පොලීසියට ලද තොරතුරක් අනුව මෙම ෆේස් බුක් (මුහුණු පොත) සාදය මින්නේරිය ප්‍රදේශයේ පැවැත්විමට නියමිත තිබු බවත් පසුව එම ස්ථානයෙන් හිගුරක්ගොඩ ප්‍රදේශයේ හෝටලයක මෙම සාදය පවත්වා තිබේ. පොලීසිය එම හෝටලය (03) දින අලුයම 12ට පමණ වටලන අවස්ථාවේ සංගීතය සමග නටමින් සිටි ඇති අතර පසුව පරික්ෂාවට ලක් කිරිමේදි ඔවුන් සතුව හෙරෝයින් මිලිග්‍රෑම් 30ක් කේරළ ගංජා ග්‍රෑම් 28ක් ඇපැල් වර්ගයේ මත්පෙති 05ක් අබින් ග්රැම් 10ක් ගංජා සුරුටිටු 02ක් සහ හදුනා නොගත් මත්පෙති වර්ග රැසක් ඇතුඑ රුපියල් එක්ලක්ෂ පනස් අටදාහක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සාදයට සහභාගි විම සඳහා එක් අයකුගෙන් රුපියල් 2500ක මුදලක් අය කරගෙන ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.
සාදයට සහභාගි වු පිරිස් අතර ගල්කිස්ස දෙහිවල පොල්ගහවෙල කොළඹ කුරුණෑගල නුවරඑළිය මහනුවර අනුරාධපුර මාතර ගාල්ල ති‍්‍රකුණාමලය සහ මඩකලපුව ආදි දිවයින පුරා පිරිස් මේ සඳහා සහභාගි වි සිටි බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකාරියන් සහ සැකකරුවන් මත්දුව්‍ය සමඟ (03) දින හිගුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව හිගුරක්ගොඩ පොලීසිය පවසයි.