Colombo Today Local News

හලාවත ගැටුමට මුල් වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණු පොතෙහි පළ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ව්‍යාපාරිකයා මේ මස 24 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා  අද  (13) නියම කළේය.
 
සැකකරු වුයේ හලාවත තේක්ක වත්ත ප්‍රදේශයේ පදිංචි හලාවත කඩ වීදියේ රෙදිපිලි වෙළද ආයතනයක් පවත්වා ගෙන යන  අබ්දුල් හමීඩ් මොහොමඩ් හස්වර් (35) නමැති අයයි.
 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ හා හදිසි නිති රෙගුලාසි යටතේ සැකකරුට විරුද්ධව චෝදනා නගා තිබුණි.

හලාවත නගරයේ ඊයේ ( 12 ) දහවල් ඇතිවු කලබලකාරි වතාවරණය නිර්මාණය වුයේ සැකකරු විසින් මුහුණ පොතකට එක් කර තිබූ සටහනක් පදනම් කර ගෙන බවත් ඒ අනුව සැකකරු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

සැකකරුට එරෙහිව හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත හේරත් මහතා අධි චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබූ අතර සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී නොසිටිම ද කැපී පෙනෙන විශේෂ සිද්ධියක් විය.

Related posts

ගම්පහෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ

colombotoday

නව දුම්රිය සේවකයින් බඳවාගැනීමට අනුමැතිය

Admin

රේගු අධ්‍යක්ෂකවරියට තනතුර අහිමි කළ ගම්මිරිස්, කරුංකා, එතනෝල් මගඩියෝ…

colombotoday

අරාබි රට වලට කසළ තේ යැවීමේ ජාවාරම පිටුපස නැව් සමාගමක ලොක්කෙක්

colombotoday

“මේ අවසන් අවස්ථාවයි, නිවැරදි පුද්ගලයා පත් නොකළොත් ජාතියත්, ආගමත් ඉවරයි“ – අස්ගිරි නාහිමි

colombotoday

“බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී ලොකු කුඩුකාරයන් නිදහස් කරන්නැ..”

Admin