යුද සමයේ ‘ආවා’ කල්ලිය බිහි වූයේ හමුදාවේ වුවමනවට බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කියන කථාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිහඬව නොසිට පිළිතුරු දිය යතු බව හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
උතුරේ සන්නද්ධව සිටි EPRLF සහ PLOT කල්ලි හමුදාව ලවා නිරායුධ කල බවත්, ඒ සඳහා මැර කල්ලි ගොඩ නැගීම අවශ්‍ය නොවූ බව පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා, හමුදාවත් සම්බන්ධ වී ‘ආවා’ කල්ලිය උතුර අවුල් කිරීමට යොදා ගන්නා බවට කරන ප්‍රකාශ වලට සේනාධිනායකයා විසින් පිළිතුරු ලබා දීම කළයුතු බව කියා සිටියේය.
මෙය හමුදාවට එරෙහි චෝදනාවක් වන බැවින් සේනාධිනායකයාට නිහඬ විය නොහැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය.