Colombo Today Local News

හදිසි ප්‍රහාරයකට පෙර සූදානමක්.. කොළඹ මර්මස්ථාන රකින්න හමුදාවට නියෝග…

පාර්ලිමේන්තුව, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, මහ බැංකුව ඇතුළු රටේ ප්‍රධානම ආර්ථික මර්මස්ථානවල ආරක්ෂාවට හදිසි තත්ත්වයකදී ප්‍රතික්‍රියා දැක්විය හැකි සැලසුම් වහාම සකස් කරන්නැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක කමාන්ඩෝ රෙජිමේන්තුව තීරණය කර ඇත.

හතරවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඇපකරුවන් මුදාහැරීම හා ප්‍රතිපැහරගැනීම් ඒකකය වෙත මේ බව දැනුම් දුන්නේ හදිසි අවස්ථාවකදී නෙළුම් ‍පොකුණ රඟහලට ප්‍රහාරයක් එල්ල වුවහොත් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට හැකි අයුරින් කොළඹදී පළමුවරට යුද අභ්‍යාසයක නිරතවූ කමාන්ඩෝ භට පිරිස් හා නිලධාරීන් හමුවූ මොහොතේය.

මේ අනුව රටේ ආර්ථික හා දේශපාලන වශයෙන් වැදගත් මරමස්ථානවල ආකෘතිමය සැලසුම් හා ගොඩනැගිලිවල ව්‍යුහය පිළිබඳ සොයා බලා පූර්ව අවබෝධයක් ලබාගන්නැයි යුද හමුදාපතිවරයා තීරණය කළේය. ඉදිරි වසර සියයකදී වුව අනාගතයේ එල්ල විය හැකි ඕනෑම අභියෝගයකදී මරමස්ථානවලට ඉක්මනින් ඇතුළු වී ආරක්ෂාව සැලසීමට හැකි අයුරින් එම ගොඩනැගිලිවල තට්ටු ප්‍රමාණය, හදිසි ඇතුළුවීමේ හා පිටවීමේ දොරටු ඇතුළු සියලු දේ ගැන අධ්‍යයනය කර අවබෝධයක් ගන්නැයි යුද හමුදාපතිවරයා මෙහිදී නියෝග කළේය.

Rivira

Related posts

සියලු මන්ත්‍රීවරුන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු ඉල්ලයි

colombotoday

සති 50ක් බලයේ සිටි ජනපතිවරයා ශත 50ට වැටුණා… ඔහු ජනපති කරවීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලනවා…

colombotoday

2022 උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවයි

Admin

අපිට සල්ලි දෙන්නෙ ඩයස්පෝරාව තමයි

Admin

බදියුදීන් ඇතුළු ඉල්ලා අස්වූ සියලු දෙනා නැවත ඇමතිකම්වල දිවුරන්න සූදානම් !

colombotoday

මිල කළ නොහැකි ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙක් කොටු

colombotoday