සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන ‘සමගි ජන බලවේගයේ“ ලකුණ පිළිබදව අද (01)දා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට නියමිතය.
සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරයෙකු පැවසූයේ රවී කරුණානායකට හිතවත් පිරිසක් විසින් මෙහෙයවන ‘නව ප්රජාතන්ත්රවාදී සන්ධානය’ට අයත් ‘හංසයා’ ලකුණ ‘සමගි ජන බලවේගය’ට ලබාදීම සඳහා ඔහු විසින් දැඩි කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.
එහි ඇතැම් කොන්දේසි කිසිඳු ලෙසකින් පිළිගත නොහැකි බවත්, එම තත්ත්වය තුල වෙනත් ලකුණින් හෝ තරඟ කිරීමට බොහෝදුරට සිදුවන බවත් එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.