Colombo Today Local News

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක්

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන රෝහල්වල අධ්‍යක්ෂවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(09) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත් විය.

එම අවස්ථාවේ දී අමාත්‍යවරිය විසින් මෙම අදහස් පළ කෙරිණි.

මෙහි දී රෝහල් අධ්‍යක්ෂවරුන් හා වෛද්‍යවරුන් විසින් කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සිදු කිරීමේ දී රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මුහුණදීමට සිදු වන ගැටළු පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය දැනුවත් කර තිබේ.

මෙම ගැටළු පිළිබදව අවධානය යොමු කරමින් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා වෙත උපදෙස් ලබා දී ඇත.

මෙහිදී අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියේ, කොරෝනා රෝගීන්ට ප්‍රණීත කෑම වේලක් සහ අනෙකුත් පහසුකම් ලබාදිම වගකීමක් වන බවයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් , නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුලු සේඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඒක්ව සිටියහ.

Related posts

5 ශිෂ්‍යත්ව දිස්ත්‍රික් කඩයිම් ලකුණු නිකුත්වේ…

colombotoday

මුඛ ආවරණ සඳහා පනවා ඇති බදු ඉවතට

colombotoday

රනිල් අගමැති කරන්නෑමයි ජනපති කීවා… ඒවා කොහෙද රනිල් අගමැති නොකර බෑ…

colombotoday

වසර දෙකහමාර තුළ 31,000කට ද්විත්ව පුරවැසිභාවය !

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශ ලොක්කන්ට දියතලාව කඳවුරේදී නත්තල් පාටියක් – හමුදා නිලධාරීන් දැඩි කළකිරීමෙන්

colombotoday

ශාසනාරක්ෂක සභාවට මඩකලපුව තහනම්.. මාර්ග අවහිරයි, වැලිකන්ද උණුසුම් (Video)

colombotoday