Colombo Today Local News

සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් උසස් පෙළ අදින් ඇරඹේ

කොරෝනා වසංගත අභියෝගය මැද අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර උසස්පෙළ විභාගය අද සිට ආරම්භ වනවා.

ඊයේ පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා කි‍්‍රයාත්මක කළ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුව උසස්පෙළ විභාගය ද පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මෙවර උසස්පෙළ විභාගය සඳහා සිසුන් තුන්ලක්ෂ 62,824 ක් පෙනී සිටිනවා. ඒ, විභාග මධ්‍යස්ථාන 2,648 කදීයි.

උසස්පෙළ විභාගය සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට අනුව පැවැත්වීම සඳහා මේ වනවිට සියළු කටයුතු සූදානම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ.

නිරෝධායන ඇදිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල සිට වෙනත් ප‍්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදී උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින විභාග අපේක්ෂකයින්ට එම බල ප‍්‍රදේශවල විශේෂ විභාග මධ්‍යස්ථානවල සිට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ සඳහා ස්ථාපිත කර ඇති විශේෂ විභාග මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මෙලෙස අදහස් පළ කළා.

විභාගයට පෙනී සිටීමේදී අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත‍්‍රය හෝ වලංගු රියදුරු බලපත‍්‍රය ඉදිරිපත් කළ යුතුයි.

නිරෝධායන ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක පොලිස් බල ප‍්‍රදේශවල උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට සිය විභාග ප‍්‍රවේශපත‍්‍රය ඇඳිරි නීති බලපත‍්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

විභාගය ආරම්භ වීමට ප‍්‍රථම සහ විභාගය අවසන් වීමෙන් පසු සිසුන් කණ්ඩායම් වශයෙන් එක්ව ගැවසීමෙන් වළකින ලෙස මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

Related posts

ගාල්ලේ ගම්මාන 7කට දැඩි සංචරණ සීමා

colombotoday

රටපුරා විහාරස්ථාන හරහා ව්‍යවස්ථාවට ජනමතය දිනාගන්න මෙහෙයුමක් සිරිතොතෙන් ඇරඹේ !

colombotoday

අලුත් වගකීමකට බැසිල් හා හකීම් එක්වෙයි

colombotoday

අත්තනගලු ඔයේ ජල මට්ටම මහ ගංවතුර තත්ත්වයක

Admin

නොහැකියාව තනතුරුවලින් වසා ගන්න බෑ… එජාප නායකයා රනිල්මයි – වජිර සජිත්ට ටොකු අනී

colombotoday

අභාවප්‍රාප්ත වූ පර්සි අබේසේකරට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගෞරව

Admin