Colombo Today Local News

සේවය නිම කර යමින් සිටි පොලිස් නිලධාරිනියකගේ රන්මාලය කඩාගෙන

සිය සේවය නිමවා නිවස කරා යමින් සිටි පොලිස් නිලධාරිනියකගේ ගෙල බැඳි රන් මාලය හා පෙන්ඩනය කිසියම් අයෙකු විසින් කඩාගෙන යාමේ පුවතක් රුවන්වැල්ල පොලිසියෙන් වාර්තා වෙයි.

මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ රුවන්වැල්ල පොලිසියේ සේවයේ නියුතු බුලත්කොහුපිටිය තන්නිමලේ ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධාරිනියකි.

ඇය ඉකුත්දා (11 වැනිදා) සේවය නිම කොට යතුරුපැදියෙන් නිවස බලා පැමිණෙමින් සිටියදී බුලත්කොහුපිටිය රුවන්වැල්ල මාර්ගයේ හුදකලා ප්‍රදේශයක් වන හාතාගොඩ දී ඇගේ පසු පසින් යතුරුපැදියකින් පැමිණි අයෙකු මෙම පැහැරගැනීම සිදු කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට රුවන්වැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

ඇමරිකානු අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවේ හෙට දවස

colombotoday

පරාක්‍රමබාහු රජතුමා රටවල් අල්ලන්න නැව් නැග්ගේ පොළොන්නරුවෙන්….

colombotoday

යළි වැසි වැඩි වන ලකුණු

colombotoday

වාරි ජලාශ 18 ක් තවමත් වාන් මට්ටමේ

colombotoday

ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න වෙනවා අපිට

Admin

උතුරේ දුප්පත් හින්දු තරුණියන් බුරුතු පිටින් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට බදවාගෙන…

colombotoday