Colombo Today Local News

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව – රාජිතට සහ රූමිට අධි චෝදනා භාර දෙයි

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අසත්‍ය චෝදනා එල්ල කළේ යැයි චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොමඩ් අසීම් යන මහත්වරුන්ට අද (28දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදුනි.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ එම විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර භාරදුන් බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසීය.

ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඇපකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ළඟම ඥාතියෙකු විය යුතු බවටද නියම කළේය.

ඇපකරුවන් මෙම අධිකරණ බල ප්‍රදේශය තුළ පදිංචි බවට තහවුරු කෙරෙන ග්‍රාම සේවා සහතික ඉදිරිපත් කළ යුතු බවටත් ඔවුන් අපරාධ ක්‍රියාවලට සම්බන්ධ නොමැති බව තහවුරු කෙරෙන පොලිස් වාර්තා ඉදිරිපත් කළ යුතු බවට ද විනිසුරුවරයා නියෝග කර තිබේ.

Related posts

මහ ලේකම්ගේ වැඩ නිසා දකුණේ අයට ලැජ්ජාවක් !

colombotoday

ප්‍රදේශ කිහිපයකට ජලය බෙදා හැරීම කාලසටහනකට..

Admin

සියලු මාර්ගවල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Admin

හිරෙන් පනින්න හැදූ කොටි සැකකරුට වෙඩි තැබූ හමුදා නිලධාරියාට සිර දඩුවම්.. ලක්ෂ 20ක වන්දියකුත් ගෙවන්න වෙයි !

colombotoday

ඉන්දීය කජු නිසා දේශීය කජු ව්‍යාපාරය අනතුරේ… දේශීය නිශ්පාදකයෝ මහ පාරට වැටෙති…

colombotoday

ප්‍රභාකරන් එදා ඉල්ලූ දෙයම ඉල්ලන විග්නේෂ්වරන්ගේ “එලුග තමිල්“ ප්‍රතිපත්ති ප්‍රකාශනය

colombotoday