Colombo Today Local News

“සුද්දෙක් එළිපිට බොනව දැක්කොත් අහක බලා ගන්නවා අයිසේ” ඇමති ජෝන්ගෙන් පොලීසියට උපදෙස්

johona

දකුණු පළාතේ සංචාරයට පැමිණෙන සංචාරකයන් බිර වැනි මත්පැන් වර්ග එළිපිට පානය කරමින් සිටින අතරතුර ඒවා නවත්වන්නට මැදිහත් නොවී අහක බලා සිටින ලෙසට සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ‍පොලිසියටත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් උපදෙස් ලබාදී ඇත.

ඒ බව පවසා ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ හෝටල් හිමිකරුවන් සමග පැවැති සාකච්ඡාවකදී ඇතිවූ නීතිමය බාධා පිළිබඳ ගැටලුවට උපදේසයක් ලබාදෙමිනි.

එහිදී ජෝන් අමරතුංග අමාත්‍යවරයා කළ ප්‍රකාශය පෙරේදා විද්‍යුත් නාලිකා ඔස්සේ ප්‍රචාරය විය.

මට හික්කඩුව, උණවටුන කියන හැම ප්‍රදේශයෙන්ම මේ ප්‍රශ්නේ මතුවුණා. පිටරට මිනිහෙක් බියර් එක බිබි ඉන්නකොට ‍පොලිසියෙන් උදුරගෙන යනවලු.

ඔබතුමාට කියන්න බලය තියෙනවා නම් ‍පොලිස් නිලධාරීන්ට කෙළින්ම අයිසේ…. මේ අහවල් මිනිහා අල්ලන්න එපා කියලා. අහයිද කියන දේ…. මෙයා කියන දේ ඇහුවේ නැත්නම් වැඩක් නෑනේ…
බැහැයි කිව්වොත් මට කියන්න. මමත් ඔය ‍පොලිසිය භාරව හිටිය මනුස්සයෙක්නේ. මම දන්නවා කෙරෙන්න ඕන දේ. මේ ටිකේ ‍පොඩ්ඩක් අහක බලාගෙන ඉන්න.

යැයි අමාත්‍යවරයා එහි සිටින සහකාර ‍පොලිස් අධිකාරිවරයකුට උපදෙස් දෙමින් කීවේය.

මේ සම්බන්ධයෙන් ‘රිවිර’ ජෝන් අමරතුංග අමාත්‍යවරයාගෙන් ඊයේ (07) විමසූ විට අමාත්‍යවරයා සඳහන් කළේ “ඔව් ඒක ඇත්ත. අපි සංචාරක ව්‍යාපාරය නගා සිටුවන්නට නම් ඒ අයට නිදහස දෙන්න ඕනේ. එහෙම නැතිවුණොත් හෝටල් ටික වහලා දාන්න ඕනේ. ඒ මිනිස්සු නිදහසේ ඉන්න ලංකාවට ආපුවම ‍පොලිසියෙන් පැනලා අල්ලනවා. එතකොට සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුළුවන්ද?” හෙතෙම විමසීය.

-රිවිර

Related posts

වයස 24 තරුණියගේ බූරු පොලේ බූරු ගැසූ 7ක් නිරෝධායනයට

colombotoday

2020 ජනපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් !

colombotoday

බන්ධනාගාර සිරකරුවෙකුට සූක්ෂම ලෙස හෙරොයින් රැගෙන ආ කාන්තාවක් හසු වෙයි

colombotoday

තවත් ගල් අඟුරු බලාගාරයක් සදහා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නෑ- අමරවීර

colombotoday

මැතිවරණ නිලධාරීන් තෑගි දෙන්න ආ හිටපු ජනපති හරවා යවයි

colombotoday

කන්න නැති රටවල් අතර ලංකාව හය වෙනි ස්ථානයට

Admin