Colombo Today Local News

සියළුම වතු කම්කරුවන් කුඩා තේවතු හිමියන් බවට පත්කරනවා!

වතු කම්කරු ජනතාවගේ ශ්‍රමය තවදුරටත් ගසා කන්නට ඉඩ නොදී, තම රජය යටතේ ඔවුන් කම්කරුවන් ලෙස නොව, කුඩා තේ වතු හිමියන් බවට පත් කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔහු  මෙම අදහස් පළකළේ තලවකැලේ නගරසභා ක්‍රීඩාංගණයේ පැවති ජන රැළියට අද (10) දින එක්වෙමිනි.

වතු ජනතාවට පුරවැසිභාවයවත් ලබා නොදුන් ජාතිවාදීන්ට, ආගම්වාදීන්ට වතු ජනතාව ආරක්ෂා කළ නොහැකි බවත්, දොළොස් ලක්ෂයක් වූ වතු කම්කරු ජනතාවට තම පියාණන් පුරවැසිභාවය ලබා දුන් සේම, වතු කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් තම පණටත් වඩා ආරක්ෂා කරන බවත්, සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා ,

“රටට වැඩිම විදේශ විනිමය ලබා දෙන්නේ වතු ජනතාවගේ ශ්‍රමයයි. ඔබේ ශ්‍රමය ගසා කන්නට අප කිසිවිටක ඉඩ තබන්නේ නැහැ. වතු ජනතාවට ලැබෙන පහසුකම් ඉතාම අඩුයි. එම නිසා ඔවුන්ට සියලු පහසුකම් ලබා දීමට අප කටයුතු කරනවා. වතු ජනතාව කම්කරුවන් ලෙස නොව කුඩා තේ වතු හිමියන් බවට පත් කිරීම මාගේ අරමුණයි. තේ කර්මාන්තය ප්‍රතිව්‍යුගත කර ලාභදායී කර්මාන්තයක් බවට පත් කරනවා.

Related posts

ප්‍රංශයේ සිට ඇවිත් කලබල කල ගෝඨා ගෝ හෝම් සංවිධායකයකු අත්අඩංගුවට

colombotoday

මොහොමඩ් අලි සබ්‍රිගේ කාර්යාලය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට. | අවුරුදු දෙකට කොටි 41ක දැවැන්ත කුලියක් ජනතා බදු මුදලින්

colombotoday

එළුවන්ට රක්ෂණාවරණයක්

Admin

රජයේ ඉදිරි තීන්දු ගැනීම සඳහා දේශපාලන මණ්ඩලයක් පිහිටුවයි

colombotoday

බදුල්ල කොළඹ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

මෙරටින් පළමු කොරෝනා රෝගියා හමුවෙයි !

colombotoday