සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින ජාතික බලවේග, දේශපාලන වාසි තකා බේදභින්න කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බව “සිංහලේ අපි“ සංවිධානයේ ලේකම් පුජ්‍ය ජඹුරාවෙල චන්දරතන හිමියන් පවසයි.
පසුගියදා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ද සිංහල සංවිධාන පිළිබදව දුර්මත පලකරන ‘ගොබෙල්ස්‘ න්‍යායාචාරීන්ගේ නොමග යැවීම්වලට හසුවී ඇති බවයි.
70%කට ආසන්න මෙරට සිංහල බෞද්ධයන් නිල්, කොල, රතු දේශපාලනය අමතක කර එක මතයක සිටියොත් අවස්ථාවාදී දේශපාලන බලවේගවලට ඉඩක් නොමැති බවද එහිමියන් පෙන්වා දෙයි.