Colombo Today Local News

සිංගප්පූරු ගිවිසුම නැවත විමර්ශනයට !

පසුගිය රජය සිංගප්පූරුව සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් කර ඇති  නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ නැවත විමර්ශනය කිරීමට වත්මන් රජය තීරණය කර ඇති බව නීතීපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (06) දැනුම් දෙන ලදී.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ නිරන්ජන් විග්නේෂ්වරන් මහතා මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී.

රජයේ නීතීඥවරයා මේ බව දැනුම් දුන්නේ සිංගප්පූරුව සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් කර ඇති  නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප‍්‍රකාශ කරන මෙන් ඉල්ලා මව්බිම ලංකා පදනම , ශ්‍රී ලංකා නීතීඥ සංගමය , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පිරිසක් ගොනු කර ඇති පෙත්සම් හතක් අධිකරණය හමුවේ සලකා බැලු අවස්ථාවේදීය.

එම පෙත්සම්  විජිත් මළල්ගොඩ , එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් යුතු මහත්ම විනිසුරු මඩුල්ල හමුවේ අද (06) කැඳවිණි.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතීපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ නිරන්ජන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය  අත්සන් කර ඇති එම නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව වත්මන් රජය නැවත විමර්ශනය කිරීමට තීන්දු කර ඇති බවය.

එම නැවත විමර්ශන කටයුතු සඳහා  මේවන විටත්  කමිටුවක්ද පත් කර තිබෙන බවද රජයේ නීතීඥ නිරන්ජන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

එම කරුණු සැලකිල්ලට ගත් ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් ලබන ජූලි 13 වැනිදා යළි කැඳවීමට නියම කළ අතර එදිනට එම කටයුතු වල ප‍්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසද නීතීපතිවරයාගේ නියම කළේය.

මව්බිම ලංකා පදනම , ශ්‍රී ලංකා නීතීඥ සංගමය , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු අට දෙනෙකු  විසින් ගොනු කර ඇති මෙම පෙත්සම් හී වගඋත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ‍්‍රී ලංකා රජය හා සිංගප්පූරු රජය විසින් අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම මුළුමනින්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවය.සිය පෙත්සම මගින් පෙත්සම්කරුවන් පෙන්වාදෙන්නේ එම  නිදහස් වෙළඳ ගිවිසුම තුළින් සිංගප්පූරු ජාතික වෘත්තීයවේදින්ට නිදහසේ ශ්‍රී ලංකාව තුළට පැමිණ වෘත්තීය කටයුතු වල නිරත වීමට අවශ්‍ය අවකාශ සැලසෙන බවය.

මෙම ගිවිසුමෙන් ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන්ට ලැබෙන වාසි ඉතාම අල්ප බව ද ඔවූහු පෙන්වා දෙති.මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් මෙරට වෛද්‍ය, ඉංජිනේරු, නීති, මිනින්දෝරු ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීයවේදීන්ගේ වෘත්තීය කටයුතුවලට දැඩි බාධාවක් සිදුවිය හැකි බව පෙත්සම්කරුවෝ කියා සිටිති.

මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර රජය ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් නිසි අනුමැතියක් ලබාගෙන නොමැති බවත් එම ගිවිසුමේ අඩංගු ප‍්‍රතිපාදන මෙරට ස්වෛරීභාවයට මෙන්ම ආර්ථිකයට හා වෘත්තීය කටයුතුවලට දැඩි හානියක් එල්ල කරන බව පෙත්සම්කරුවන් කියා සිටිති.

මේ හේතුවෙන් අදාළ ගිවිසුමේ අන්තර්ගත ප‍්‍රතිපාදන මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කර එම ගිවිසුම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.

නීතීපති වෙනුවෙන් රජයේ නීතිඥ නිරන්ජන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටියේය.

පෙත්සම් ලබන ජූලි 13 වැනිදා යළි කැඳවේ.

Related posts

IMF ගිවිසුම ගැන දින 3ක් පාර්ලිමේන්තු විවාදයට

Admin

අච්චු ගහලා සල්ලි බෙදලා රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. උද්ධමනය වැඩි වෙලා. පාන් ගෙඩියක් ගේන්න කරත්තයකින් සල්ලි ගෙනියන්න වෙයි

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සමාජ විරෝධී ක්‍රියා මැඩලීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

වැඩවර්ජනය නැවතී වෘත්තිය සමිති නායකයන් අගමැතිගේ සාක්කුවට වැටුනේ මෙහෙමයි

colombotoday

දෙමවුපියන්ට සහනයක්… පාසල් වෑන් ගාස්තුත් අඩුවෙයි

Admin

රට ණය බරින් නිදහස් කරන්න අගමැති අලුත්ම වෙන්දේසි ක්‍රමයක් හදුන්වා දෙයි !

colombotoday