Colombo Today Local News

සාෆි සිදුවීමෙන් ආන්දෝලනයට පත් වූ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකට මාරුවක්. ඒක දේශපාලන පළිගැනීමක්. අධ්‍යක්ෂක කියයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය සරත් වීදියබණ්ඩාර මහතාව ඊයේ (08 වැනිදා* සිට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයට මාරු කර ඇත.

ඒම ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියගේ අත්සනින් යුතුව යොමුකර ඇති ලිපියෙහි දැක්වෙන්නේ කෝවිඞ් – 19 වසංගත රෝග මර්දන ක‍්‍රියාවලිය විධිමත් ලෙස පවත්වාගෙන යාමට බාධාකාරී ලෙස කටයුතු කිරීම ඊට හේතු වූ බවයි.

මේ සම්බන්ධයෙන් ඒ මහතාගෙන් “දිවයින” පුවත්පත කළ විමසීමේදී වෛද්‍ය සරත් වීදිය බණ්ඩාර මහතා සඳහන් කළේ මෙය මුළුමනින්ම දේශපාලන පළිගැනීමක් මත සිදු වූ ස්ථාන මාරුවක් බවයි. මෙම ස්ථාන මාරුව සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට තමා බලාපොරොත්තු වන බව ද වීදිය බණ්ඩාර මහතා පවසා ඇත. පසුගිය රජය සමයේදී මහත් ආන්දෝලනයකට ලක් වූ මව්වරුන් දහස් ගණනක් වන්ද්‍යාකරණයට ලක් කළ වෛද්‍ය ෂාපි සහබ්දීන් සිදුවීමේ දී වෛද්‍ය වීදිය බණ්ඩාර මහතා මව්වරුන් පැත්තේ හිට ගනිමින් විශාල වැඩ කොටසක් සිදු කළ අයෙකු වන අතර එහෙයින් පැවති රජයේ දේශපාලන පළිගැනීම්වලට ද ලක් වූ බව කියති.

ඒ කෙසේ වෙතත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීදිය බණ්ඩාර මහතාගේ ක‍්‍රියාකලාපයට විරෝධය පාමින් පසුගිය සතියේ දී එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ පිරිසක් මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් චෝදනා කීපයක් එල්ල කළ අතර ඔහු ගේ උපදෙස් තවදුරටත් පිළිගැනීමට සූදානම් නැති බවත් එහිදී ඔවුහු ප‍්‍රකාශ කළහ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වෛද්‍ය වීදිය බණ්ඩාර මහතාගේ අත්තනෝමතික හා අකාර්යක්ෂම පාලනය සම්බන්ධව චෝදනා කරමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්වරිය වෙත පසුගිය (06)වැනිදා ලිපියක්ද යොමුකර තිබිණි.

Related posts

ගෝඨාගමනයට එරෙහිව එජාප ප්‍රභල ඇමති අංචි අදී – ඇමරිකා පුරවැසිභාවය ඉවත්කිරීම වැලැක්වීමට නඩුවක් දම්මවයි

colombotoday

අධ්‍යාපන ලේකම්ට චෝදනාවක්

colombotoday

යහපාලනය ඇඟට දැනෙන්නේ නෑ.. ඡන්දෙ පැරදුණු අය ජ්‍යෙෂ්ඨ ඇමති.. මම රාජ්‍ය ඇමති.. මටත් ප්‍රශ්න

colombotoday

මහා නාහිමියන්ටත් අභියෝග කරන සිවල් සංවිධාන වෘෂභ පෝතකයන් වහාම ගාල්කළ යුතුයි !

colombotoday

මන්නාරමේ ඇටසැකිලි ඇමරිකාවට යැවීමට නියෝග

colombotoday

පාඨලී ගේ රියදුරුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

colombotoday