Colombo Today Local News

ස්විස් පැන්න CID නිශාන්ත කන්දප්පා ළඟ රහස් ලියවිලි රැසක්.. ඒ අතර බුද්ධි අංශ නිලධාරීන්ගේ ඇගිලි සලකුණුත්..

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා කන්දප්පා ස්විට්සර්ලන්තයට පලා යෑමේදී ඔහු සන්තකයේ තිබූ ජිනීවා චෝදනා එල්ල වූ ඉහළම දේශපාලනඥයකුගේ සහ මෙරට යුද සහ නාවික හමුදා බුද්ධි අංශවල රාජකාරි කළ නිලධාරීන් එක්දහස් පන්සියයකගේ පමණ ඇඟිලි සලකුණු සටහන් හා අතිශය රහස්‍ය ලියකියවිලි ඇතුළු තොරතුරු රැසක් රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

මේ සියල්ල ඉදිරියේදී ස්විස් කොටි ජාලය අතට පත්කිරීමේ සහ ශී‍්‍ර ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කිරීමේ අදහසින් රැගෙන යන්නට ඇතැයි ආරක්‍ෂක අංශ විශ්වාස කරයි.

බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව පසුගිය කාලයේ සීඅයිඞීය සිදු කළ විමර්ශනවලදී ප‍්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කළ නිශාන්ත සිල්වා භාරයේ අදාළ සියලූ තොරතුරු පරිගණකගතව තිබී ඇත. අතිශය රහස්‍ය සංවේදී ලියකියවිලි තිබී ඇත්තේද ඔහු භාරයේය. මේ තොරතුරු අතර බුද්ධි අංශ නිලධාරීන්ගේ ලිපිනයන්, දුරකථන අංක, අත් අකුරු සටහන් සහ පවුලේ සාමාජිකයන්ගේ විස්තර ආදී වශයෙන් අනන්‍යතාව හෙළිවන බොහෝ කරුණු තිබී ඇත.

බුද්ධි නිලධාරීන් ප‍්‍රශ්න කිරීම සඳහා දිගින් දිගටම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ අවස්ථාවලදී එසේ අත් අකුරු සටහන් අතුළු අනන්‍යතාව තහවුරු වන සියලූ තොරතුරු ලබා ගැනීමට ප‍්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස නිශාන්ත සිල්වා කටයුතු කර තිබේ.

ඉකුත් මානුෂීය මෙහෙයුම සමයේ හමුදා ඔත්තුකරුවන් ලෙස කටයුතු කළ විශාල පිරිසකගේ තොරතුරු ද මේ අන්දමට නිශාන්ත සිල්වා භාරයේ තිබී ඇති අතර මෙම තොරතුරු කොටි ඩයස්පෝරාව අතට පත්වීම මෙරට බුද්ධි අංශවලට එල්ල වන මරු පහරක් බව උසස් ආරක්‍ෂක අංශ නිලධාරියෙක් පැවසීය.

– divaina

Related posts

සංහිදියාව තහවුරුයි.. ඇවිත් වෙනස බලන්න.. විදේශ ඇමතිගෙන් ජාත්‍යන්තර දෙමළ සංවිධානවලට ඇරයුම් !

colombotoday

නොවැ. 15 හා දෙසැ. 7 අතර ජනපතිවරණය අනිවාර්යයි

colombotoday

විදුලිය, සෞඛ්‍ය හා ඛනිජ තෙල් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

Admin

මහ මැතිවරණය පැවැත්විය හැකියි- මහින්ද දේශපි‍්‍රය

colombotoday

ආණ්ඩුවේ අමතර වියදම් පියවන්න රු.බිලියන 100ක් ඉල්ලයි

colombotoday

සජිත්ගේ ගෝලයන්ගේ සමූහ දූෂණයට ලක්වී මියගිය තිස්සමහාරාම පාසල් සිසුවියගේ ඥාතීන්ගේ සහය පොහොට්ටුවට

colombotoday