Colombo Today Local News

“ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැරගත්තා”යැයි කියන සිදුවීම සිදුනොවූ දෙයක් බව ජනපති කියයි

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැරගත් බවට වාර්තා වන සිදුවීම සිදුනොවූ දෙයක් බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

අද (16දා) ජනපති ලේකම් කාර්යාලයේදී මාධ්‍ය ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හා පැවැති හමුවකදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙවැනි ආකාරයක සිදුවීමක් සිදුව නොමැති බවට පරීක්ෂණයෙන් ඔප්පු වී ඇති බවත් සී.සී.ටී.වී. දර්ශන හා දුරකතන දත්ත විශ්ලේෂණය කළ විට එවැනි සිදුවීමක් සිදුව නොමැති බවට පැහැදිලි බවත් ඔහු සඳහන් කරයි.

තානාපති කාර්යාලයෙන් වගකීමක් තිබුණා සේවයෙකු පහැර ගැනීම ගැන පරීක්ෂණයක් ඉල්ලන්න. අගමැතිතුමා  පරීක්ෂණය දුන්නා. තාම පරීක්ෂණය යනවා. මේ සඳහා සේවිකාවගේ සහාය අවශ්‍යයි.

ස්විස් තානාපති කාර්යාලය ගැන ගැන කිසිම සැකයක් නෑ. මෙකේ වින්දිතයා සේවිකාව නෙමෙයි මමයි.

යැයි ඔහු පැවැසීය.

Related posts

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවයි

Admin

අනතුරට පත්වූ මෝටර් රථය මගේ ඥාතියෙකුගේ – ඇමති කබීර් හෂීම්

colombotoday

කේරළයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම් වූ සහරාන්ගේ අනුගාමිකයෙක් අල්ලයි…

colombotoday

රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

colombotoday

“අපි හැප්පුවේ නෑ, ඇවිත් හැප්පුනා.. අධිබල යතුරුපැදි භාවිතය තහනම් කළ යුතුයි” – ඇමති චම්පික

colombotoday

අලි ගහන්න ආවොත් 1992 අංකයට කතා කරන්න

colombotoday