World

ස්පාඤ්ඤ ආසාදිත 40,000 සීමාවට – මරණ 2,600 පනී

ස්පාඤ්ඤයේ කොවිඩ් -19 මරණ 2,696ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මුළු රෝගීන් 39,673ක් බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

ගෙවීගිය පැය 24 තුළ මරණ 514 (23.6%ක වැඩිවීමකි) සහ ආසාදිතයන් 6,584 (19.9%ක වැඩිවීමකි) වාර්තා වූ බවද ඔවුන් සඳහන් කරයි.

සඳුදා වනවිට ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 33,089ක් වූ අතර, මරණ 2,182කි.

මේ වනවිට ලෝකයේ මෙතෙක් වැඩිම මරණ වාර්තා වන ඉතාලියට පසුව තෙවැනි තැන ස්පාඤ්ඤයට හිමිව ඇති අතර, එරට තත්ත්වය පාලනය කිරීම සඳහා රජය දැඩි පරිශ්‍රමයක් ගනියි.

මේ අතර සඳුදා මැඩ්රිඩ් නගරයේ රජයේ අවමංගල සේවය නිවේදනය කළේ කොරෝනා වෛරසයෙන් මිය යන අයගේ සිරුරු භූමදාන කිරීම සඳහා ප්‍රමාණවත් ආරක්‍ෂිත ආවරණ නොමැති බැවින් ඒවා එකතු කිරීම නවත්වන බවයි.

ඒ අනුව කොවිඩ් -19 ආසාදිතව මියගිය අයගේ සිරුරු දැන් මැඩ්රිඩ් හි තාවකාලික මෘත ශරීරාගාරයක් ලෙස භාවිතා කරන අයිස් ගබඩාවක තැන්පත් කරයි.

කොවිඩ් -19 මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ස්පාඤ්ඤයේ හදිසි නීතිය තවත් දින 15 ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බව අගමැති පේද්‍රෝ සැන්චෙස් ඉරිදා ප්‍රකාශ කළේය.

Related posts

සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කරමින් පාකිස්තාන හමුදාවෙන් ප්‍රහාරයක්

colombotoday

ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයි

colombotoday

ඇමරිකාව කීවට නවත්තන්නෑ, දිගටම ගහනවා – රුසියාව කියයි

colombotoday

තබ්ලිගි ජමාත් සාමාජිකයින් අල්ලා දෙන්නවුන්ට ඉන්දීය පොලිසියෙන් තෑගී

colombotoday

බ්‍රිතාන්‍යයේ යෝර්ක් ප්‍රදේශයට දරුණු ගංවතුර තත්වයක්

colombotoday

අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධූරයට විශ්‍රාමික ජෙනරාල් ලොයිඩ් ඔස්ටින් නම් කරයි

colombotoday