කටුනායක ගුවන් තොටුපොළේදී පී.සී.ආර්. පරීක්ෂණ මඟ හරිමින් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනියක් ශ්‍රී ලංකාවට ඇතුළුවීම කනගාටුදායක සිදුවීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
වියනා සම්මුතිය තිබුණද නොතිබුණද ලෝකයම වසංගතයක් මැද සිටින විට තම ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ ඒ රටවල් ස්ථාපිත කර ඇති යාන්ත්රණයන්ට ගරු කිරීම හා ඒවාට සහාය දක්වීම අන් කවරදාටත් වඩා අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
Reports regarding a US diplomat refusing PCR tests at BIA is so disappointing. Vienna Convention or not, the world’s in the midst of a global pandemic & what we need more than ever is cooperation & respect of one another’s national frameworks which are put in place to save lives.
— Namal Rajapaksa (@RajapaksaNamal) June 4, 2020