Colombo Today Local News

සහරාන් හා අබුසාලී සමඟ සබදතා පැවැත්වු තවත් අයෙක් STF අත්අඩංගුවට

පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙය වු සහරාන් හෂීම් සමඟ සබදතා පැවැත්වු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුල්මුඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා පුල්මු‍ඩේ කඳවුරට ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී පුල්මුඩේ ජින්නාපුරම් ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම පුද්ගලයා පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙය වු සහරාන් හෂීම් සමඟ මෙන්ම පාස්කු ප්‍රහාරයට සහයෝගය ලබාදුන් බවට සැකපිට සෞදි අරාබියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අබුසාලී අබුබකර් නැමැත්තා සමඟ ද සබඳතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

Related posts

“අක්‍රමිකතා දැන් ඇත්තේම නෑ.. වෙනස ගැන අපට හරි සතුටුයි කියා ලෝක බැංකුව කීවා “- මුදල් ඇමති

colombotoday

අගමැති මැදිහත්වී ITN මහේෂ්ගේ රැකියාව නැවත ලබාදෙයි

colombotoday

හිටපු අමාත්‍ය ටී බී ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

colombotoday

නීෂා බිස්වාල් ඊළාම්වාදී දෙමළ ඩයස්පොරාව හමුවෙයි.. ලංකාවේ ප්‍රතිසංධානය ගැන සාකච්ඡා

colombotoday

“ප්‍රභාකරන් වල් පරයා අපටනම් මහත්තයෙක් නෙවෙයි” උදය ශ්‍රී ෆේස්බුක් දාපු සටහන මෙන්න

colombotoday

චම්පික ජනපති පරීක්ෂණ කොමිසමට කැදවයි !!

colombotoday