Colombo Today Local News

සහරාන් මරාගෙන මැරෙන්න කලින් සිව් හැවිරිදි දියණියව අපයෝජනය කරලා….

“තාත්තගේ නම කියන්න බැහැ… කිව්වොත් කන් දෙකයි කටයි කපනවා කියලා තාත්තා කිව්වා…” යැයි කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරුණු තවුහිද් ජමාත් ත්‍රස්ත කල්ලියේ නායකයා බව පැවසෙන මොහොමඩ් සහරාන් නැමැත්තාගේ දියණිය වන සිවු හැවිරිදි මොහොමඩ් සහරාන් රැසෙයිනා ආරක්ෂක අංශ නිලධාරින්ට ප්‍රකාශ කර ඇතැයි පැවසේ.

ආරක්ෂක අංශ නිලධාරින් සිය පියා වන මොහොමඩ් සහරාන් නැමැත්තා ගැන ඇයගෙන් විමසූ අවස්ථාවේ එසේ පවසූ බවයි වාර්තා වන්නේ.

අම්පාර සයින්දමරුදු නිවසේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබ සිටි තවුහිද් ජමාත් ත්‍රස්ත කල්ලි නායක මොහොමඩ් සහරාන් නැමැත්තාගේ බිරිඳ හා දියණිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පෙරේදා (08) කොළඹට ගෙන එනු ලැබුවා. එම දියණියගේ ඩීඑන්ඒ පරීක්ෂණයක් කිරීමටද අධිකරණය අද (10) අවසර ලබා දුන්නේය.

සහරාන්ගේ බිරිඳ සහ දියණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

(සියලුම ආකාරයේ කායිකව හා මානසිකව ළමයාට සිදුකරන්නා වූ නොමනා ක්‍රියා හෝ ලිංගික අපයෝජනය නොසළකා හැරීම හෝ නොසැළකිලිමත් ලෙස සැළකීම වාණිජමය හෝ වෙනත් ආකාරයේ සූරා කෑම් හේතුකොට ළමයාගේ සෞඛ්‍ය, පැවැත්ම, සංවර්ධනය හෝ වගකීම විශ්වාසය හෝ බලය යන සම්බන්ධතා විෂයෙහි ගරුත්වයට හානි පැමිණවීම හෝ එසේ විය හැකි ලෙස ක්‍රියා කිරීම ළමා අප යෝජනය ලෙස හෝ ළමා හිංසනය ලෙස අර්ථ දැක්වේ.)

Related posts

රන්ජන්ගේ මෝසම ප්‍රතික්‍ෂේප කෙරේ

colombotoday

කේරළයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම් වූ සහරාන්ගේ අනුගාමිකයෙක් අල්ලයි…

colombotoday

රටට බොරු කී සිපෙට්කෝ සභාපති ඉල්ලා අස්විය යුතුයි

Admin

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ලංකාවට පැමිණේ

Admin

අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිව්දෙනා තවදුරටත් රිමාන්ඩ්

colombotoday

ඉන්ධන ලබාගන්න ඇමති සුසිල් රුසියාවට

colombotoday