Colombo Today Local News

සහරාන්ගේ පුහුණු කඳවුරක් මූතුර්වල

සහරාන් විසින් ත්‍රිකුණාමලය මූතුර් තාහිද් නගර් ප්‍ර​දේශයේ පවත්වාගෙන ගිය බව කියන අවි පුහුණු කඳවුරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා සොයාගෙන තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි මාවනැල්ල පදිංචි ඉබ්‍රාහිම් සාදික් නමැත්තා විසින් තාහිද් නගර් පිහිටි ගොවිපොළෙහි තමන් ඇතුළු පස්දෙනෙකු පුහුණුව ලැබූ බව අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි කර ඇත. මෙම සාදික් නමැත්තා මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධ‍යෙන්ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයෙකි.

මෙම ඉඩමේ අයිතිකරු හාජා මො​හොදීන් නමැති තෝපූර් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. කලක් යුද හමුදා සේවයේද නිරතව සිටි මොහු පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් 2011 වසරේ සිට 2015 දක්වා මූතුර් ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

Related posts

ජන සටන පාගමනේ මං එනවා.. ස්ථීරයි

colombotoday

ජයග්‍රහණයෙන් පසු නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකල ප්‍රථම ප්‍රකාශය

colombotoday

රවීගේ 90% වලංගු නැහැ. වාහන ලීසිං වටිනාකමෙන් 70% පමණයි. මහ බැංකුව මුල්‍ය ආයතනවලට නියෝග කරයි.

colombotoday

අමල් පෙරේරා බේරාගන්න පෙරටුගාමී උදුල් ඩුබායි යයි…

colombotoday

උඩරට නැටුම සමග බරත නැටුමකුත් නටා අන්තවාදීන්ට ලැජ්ජා කරමු – ජාතික සංහිදියා ඇමති

colombotoday

මහ බැංකුවෙන් පොළී අනුපාත ගැන දැනුම්දීමක්

colombotoday