Colombo Today Local News

සමූපකාරවල මුදල් තැන්පත් කළ ජනතාවට දේපලක් විකුණා හෝ මුදල් ආපසු ලබා දෙනබවට පොරොන්දුවක්

ඉදිරි මහමැතිවරණයෙන් පසුව මහජනයා සමූපකාරයේ තැන්පත් කළ මුදල් නැවත ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

බෙලිඅත්ත ප්‍රදේශයේ ඊයේ(07)දින පස්වරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් ෆිනෑස් කොම්පැනිය අවහර කළ විට එහි ගනුදෙනුකරුවන් වෙත රුපියල් ලක්ෂ 6 බැගින් මහජන බැංකු 60 ක් මඟින් ගෙවීමට තීරණය කළ බවයි.

එවිට ගනුදෙනුකරුවන් සියයට 93 කගේ ප්‍රශ්න විසඳෙන බවත් ඉන් සියයට 7 ක් ඉතුරු වන බවද පැවසු අමාත්‍යවරයා, එය මැතිවරණයෙන් පසුව ලබා දීමට සිදුවන බවද කියා සිටියේය.

දකුණේ සමහර සමූපකාර සමිතිවල මුල්‍ය ගැටළු ඇති බවත් පැවසු අමාත්‍යවරයා, සමහර බැංකුවල තැන්පත් කළ මුදල හා බැංකුව පවා අද වන විට නොමැති බවද පැවසීය.

මැතිවරණයෙන් පසුව දකුණේ සමූපකාරවල මුදල් තැන්පත් කළ ජනතාව වෙනුවෙන් දේපලක් විකුණා හෝ එම මුදල් ආපසු ලබා දීමට කටයුතු කරන බවට අගමැතිවරයා හා ජනපතිවරයා පොරොන්දුවක් ලබා දුන් බවද බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

Related posts

තත්වය භයානකයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි.

colombotoday

ආදායම් බදු පැහැර හැරීම් සඳහා දඩ මුදල් අය කිරීම 2020 ජූලි මාස සිට යලි ක්‍රියාත්මකයි

colombotoday

ලොව සුපිරිතම ඇමරිකානු හමුදා යානයක් මත්තලට ඇවිත් ගිහින් (Photo)

colombotoday

අගමැති කාර්යාලය ඉදිරිපිට කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

හාල් කිලෝව 100යි – වී කිලෝව 30 යි

colombotoday

අල්ලස්ගත් කළුතර දිසා අධිකරණ කාර්යාල සහයක රිමාන්ඩ්

Admin