Colombo Today Local News

සපුගස්කන්ද මත්ද්‍රව්‍ය ජාවාරමට ගෑවුණු CCD නිලධාරියා අතුරුදන්

සපුගස්කන්ද ප‍්‍රදේශයේදී හෙරොයින් කිලෝ 23 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගේ සහෝදරයෙකු වන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ සිදුවෙමින් පවතිනවා. ඒ, ඔහුද හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු වාර්තාවීමත් සමගයි.

මේ වනවිට සිදුකර ඇති මූලික පරීක්‍ෂණයේදී අනාවරණ වී ඇත්තේ මෙම නිලධාරියා මීට පෙරද හෙරොයින් ප‍්‍රවාහනයට සම්බන්ධ බවට තොරතුරු ඇති බවයි.

ඔහු කොළඹ අපරාධ කොට්ඨාශයේ දූෂණ මර්ධන ඒකකයට අනියුක්තව සේවය කළ අයෙක්. අදාළ නිලධාරියා කිලෝ එක බැගින් සකස් කළ හෙරොයින් පැකට් අවස්ථා කිහිපයකදී ප‍්‍රවාහනය කර ඇති බවටද තොරතුරු වාර්තා වී තිබේ. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මෙම නිලධාරියා පිළිබද මේ වනවිට කිසිදු තොරතුරක් නොමැති බවයි. දැනට අතුරුදන්ව ඇති ඔහු සොයා පොලීසිය පරීක්‍ෂණයක්ද ආරම්භ කර ඇතැයි සදහන්.

මෙම නිලධාරියා පිළිබද කරුණු අනාවරණ වූයේ සපුගස්කන්ද, සමාධි මාවත ප‍්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ඔහුගේ සොහොයුරාගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදීයි.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඔවුන් උපයාගත් දේපළ තිබේ දැයි සොයා තවදුරටත් පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි.

Related posts

පොහොට්ටුවෙන් පැනපු අයට යන එනමං නැතිවෙයි

Admin

සම්පායෝ යළි රිමාන්ඩ්

colombotoday

උතුරේ කොටි පවුල් නඩත්තුවට රජයෙන් මිලියන 25ක් !

colombotoday

අසාද් සාලි සතොසට වංචා කරලා. පරීක්ෂණ ආරම්බ කල බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දෙයි.

colombotoday

දමිතා අධිකරණයට රැගෙන එයි

Admin

දේශපාලන පක්ෂ මැයිදිනය සමරද්දී, වනසන ජාතික උරුමය සොයා ඥාණසාර හිමි විජිතපුර යයි

colombotoday