Colombo Today Local News

සජිත් පවත්වන්න ගිය උත්සවයක් මැතිවරණ කොමිසම අත්හිටුවයි.. බෙදන්න ගිය බඩුත් ඔතන් පිටවෙයි

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයක් මැතිවරණ කොමිෂන් සභා විසින් අත්හිටුවනු ලැබීය.

පොස්ගස්ඔ්විට දිසා රෝහලට වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට සූදානම් කර තිබූ උත්සවයක් මෙසේ අවලංගත කර ඇත.

පෙරවරු 10.00ට උත්සවය ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් දැනුම් දෙන ලද්දේ උත්සවය අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසන් සභාව උපදෙස් නිකුත් කර ඇති බවයි.

කොමිෂන් සභාව මේ බව පොලිසියට දන්නවද ලිපියද සංවිධායකටන්ට ඇසෙන ලෙස පොලිසිය එහිදී කියවන ලදී.

කෙසේ නමුත් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් හා දේශපාලඥයන්ගේ සහභාගිත්වයකින් තොරව අදාළ පරිත්‍යාගයන් කරන්නැයි මැතිවරණ කොමිසන් සභාව විසින් සංවිධායකයන්ට අවසර දී තිබින.

නමුත් ඊට එකඟ නොවූ සංවිධායකයන් භාණ්ඩ රෝහලට පරිත්‍යාග නොකර නැවත රෝහලෙන් පිටතට ගෙන යන ලදී.

Related posts

පොහොට්ටුව අලියගෙ පස්ස පැත්තේ ගහලා… රනිල් පාඩම් ඉගෙන ගන්නෙ මේ පාර තමයි..

colombotoday

ජනපති වි‌ශේෂ සාකච්ඡාවකට හිටපු ඇමතිවරු කැඳවයි

colombotoday

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා ගැන චීනයේ ප්‍රතිචාරය

colombotoday

ජනපතිගේ නිල නිවේදන කථානායකවරයා හරහා පමණයි

colombotoday

මිය ගිය තරුණියකගේ දේහය ගොඩගෙන නිරුවත් කරලා

Admin

කාන්තාවකට වෙඩි තැබිමක්

Admin