Colombo Today Local News

සජිත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්? යහපාලන නිවාස අමාත්‍යංශයේ වංචා තොග ගණන් හෙලිවේ. කිහිප දෙනෙකු අත්අඩංගුවට..

පසුගිය රජයේ නිවාස හා සංස්කෘතික අමාත්‍ය ධුරය දැරූ සජිත් ප්‍රේමදාස මහතාගේ පාලනය යටතේ එම අමාත්‍යංශය තුළ අති විශාල වශයෙන් වංචා දූෂණ සිදු වී ඇතැයි නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ සිදු කෙරෙමින් ඇති බවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කරමින් ඇති බවත් ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පලකලේ රුපවාහිනී නාලිකාවක වැඩසටහනට එක්වෙමිනි.

මෙම කටයුතු සිදු කර ඇත්තේ නීතියක් ක්‍රමවේද සියල්ල නොතනමින් බවත් ඇමතිවරයා පැවසීය.

යම් හෙයකින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතා අත්අඩංගුවට ගතහොත්ත තව දුරටත් ඔහුගේ නායකත්වය පිළි ගන්නේ දැයි රාජ්‍ය ඇමතිවරයා සමගි ජන බලවේගය මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතාගෙන් විමසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසුයේ වර්තමාන ආණ්ඩුව වඩාත්ම බිය වී සිටින පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බවත් ඔහු කොටු කිරීමට උත්සාහ දරමින් ඇති බවත්ය.

සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ බලය 2014 දී ලබාගන්නා බව දන්නා ආණ්ඩුව ඔහුව කොටු කිරීම සියලු උත්සාහ දරමින් සිටින බව ද ඔහු කියා සිටියේය.

Related posts

පළාත් 6කට නව ආණ්ඩුකාරවරු පත්කෙරේ !

colombotoday

ප්‍රවෘත්ති විකාශය අතරතුර නිවේදකයෙක් කඩා පනී.. බැසිල් රාජපක්ෂට පළු යන්න බැණවදී (Video)

colombotoday

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් මේ ආණ්ඩුව ජනතාව ඉදිරියේ පරාදයි – රතන හිමි අගමැතිට එරෙහි වෙයි

colombotoday

ඉන්දියාවෙන් ලංකාවට ඇරයුමක්

colombotoday

මගේ වැඩ ප්‍රශ්න කරන්න ජනපති කොමිසමට බැහැ – නීතිපතිගෙන් ලිපියක්

colombotoday

“හදිසි නීතිය පැනවීම ගැන එකඟ වන්නේ නැහැ”

colombotoday