Colombo Today Local News

සජිත්ව පරද්දන්න ලුණුගම්වෙහෙර ප්‍රාස සභාපතිටත් පුළුවන්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා අවශ්‍ය නොවන බවත් ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සජිත් ප්‍රේමදාස මහතා පරාජය කළ හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල  මහතා පැවැසීය.

“පසුගිය මාස තුන පුරාම සජිත් ප්‍රේමදාස මැතිතුමාට එජාපයේ අපේක්ෂකත්වය ලබා දිය යුතු බවට අපි විපක්ෂයේ සිට සටනක් කළා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපේක්ෂකත්වය ලැබුණු මේ අවස්ථාවේ අපි එතුමාට අපේක්ෂකත්වය ලබා ගැනීමට සටන් කලේ ඇයිදැයි පැහැදිලි කළ යුතු වෙනවා.

අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාව ඉල්ලුවේ අපට පහසුවෙන්ම පරාජය කළ හැකි අපේක්ෂකයා නිසා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දී දෙවරක් නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමාට පරාජය වුණු අපේක්ෂකයෙක්. තිස්සමහරාම කොට්ඨාශයේ දී ඩී වී චානක මන්ත්‍රිතුමාට පරාජය වුණු අපේක්ෂකයෙක්. එතුමා පදිංචි ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ දී රසික දිනේෂ් සභාපතිතුමාට පරාජය වුණු අපේක්ෂකයෙක්.  ඒ නිසා අපට සජිත් ප්‍රේමදාස මැතිතුමා පරාජය කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවශ්‍ය නෑ, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ රසික දිනේෂ් සභාපතිතුමාටත් ඒක කරන්න පුළුවන්.

සජිත් මැතිතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකයා වෙලා 2001 දී තරග කරන විට එජාපය 40%ක් ඡන්ද ලබා ගත්තා.  එතුමාගේ නායකත්වය යටතේ එජාපය හම්බන්තොට දිස්ත්‍රික්කය තුල දිගින් දිගටම පිරිහුණා.  2001 දී 40%ක් වුණු ඡන්ද පදනම 2010 දී 30% දක්වා පල්ලම් බැස්සා.  සජිත් මැතිතුමා එජාප ජනාධිපති අපේක්ෂකයා වුණාම රට පුරා එජාප ඡන්ද පදනමට සිද්ධ වෙන්නේ හම්බන්තොට වුණා වගේ පල්ලම් බැසීම පමණයි.”

Related posts

සෞඛ්‍ය ඇමතිට බෙහෙත් ගන්න ජනපති අරමුදලෙන් කෝටියක් දීලා !

colombotoday

බැසිල් රාජපක්ෂ ලබන ඉරිදා දිවයිනට

Admin

කළුතර බන්ධනාගාරයට හෙරොයින් විසි කිරීමට තැත්කළ දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ඉරාජ්ගේ මනුසතා වීඩියෝව තහනම් කරන්න – තව්හීද් ජමාත් උසාවියෙන් ඉල්ලයි

colombotoday

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට

colombotoday

චාරයක් නැති තෙවරප්පෙරුම වැනි ඇමැතිලාගේ බුද්ධි මට්ටම පිළිබඳ රටක් ලෙස අප ලැජ්ජා විය යුතුයි.

colombotoday