එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමත් සමග ගෝඨාභය රාජපක්ෂ මහතා බියවී ඇමරිකාවට පැන යෑමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂයේ ඇමැති සුජීව සේනසිංහ මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය දීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා විසින් වීසා සූදානම් කර ගන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
සජිත්ට බිය වී නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල ම රට පනින්න සුදානමින් සිටින බව ද ිසේනසිංහ මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ මතුගම දී පැවැති සජිත් එනවා ජනරැළිය අමතමිනි.