Colombo Today Local News

සජිත්ට පක්ෂ නායකත්වය ඉල්ලා රැස්වීම් මාලාවක්

පක්ෂ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදෙන ලෙස ඉල්ලා රැස්වීම් මාලාවක් දීපව්‍යාප්තව ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය තීරණය කර ඇත.

ලබන අඟහරුවාදා කොළොන්නාව ආසනයෙන් එම රැස්වීම් මාලාව ආරම්භ කිරීමට නියමිතය. මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය නගා සිටුවීමට නම් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබාදිය යුතු බව ඔවුන්ගේ අදහස වී ඇත.

රැස්වීම් මාලාව යටතේ කෝට්ටේ සහ මොරටුව යන ප්‍රදේශවල ඉන්පසු රැස්වීම් පැවැත්වීමට නියමිතය. අනුරාධපුරය, පොළොන්නරුව, රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලද රැස්වීම් පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කඩිනමින් කැඳවන ලෙස ඉල්ලා සජිත් පාර්ශ්වය පක්ෂ නායකත්වයෙන් ඉල්ලා සිටීමද සූදානම් වෙයි.

Related posts

දේශපාලන හස්ථයන්ගෙන් මෙහෙයවන සරසවි සිසුන්ට මා දොස් කියන්නේ නෑ – ජනපති

colombotoday

පුද්ගලික බස් රථයක හදිසි ගින්නක්

colombotoday

ඇමතිලාට විෂයන් බෙදයි.. ගැසට් නිවේදන මෙන්න..

colombotoday

දුමින්ද සිල්වාට සාධාරණයක් ලැබුණේ නැහැ – ජනාධිපති නීතීඥ අනිල් සිල්වා

colombotoday

ආරක්ෂක අංශ සාමාජිකයන් නිල ඇඳුමෙන් දේශපාලන ප්‍රචාරක කටයුතු බෑ

colombotoday

අයි ඩී එච් රෝහල කොවිඩ් රෝගීන් ගෙන් පිරේ

colombotoday