Colombo Today Local News

ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට ශ්‍රී ලන්කන් ගුවන් යානයක් නේපාලයට

කොවිඩ් – 19 වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් නේපාලය බලා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1424 දරන මෙම ගුවන් යානය අද උදෑසන 8.00 ට නේපාලයේ කත්මණ්ඩු නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

ගුවන් මගීන් නොමැතිව කටුනායක ගුවන් තොටුපළෙන් නේපාලය බලා  පිටත් වූ ගුවන් යානයේ ගුවන් නියමුවන් ඇතුළු ගුවන් කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු මෙම ගමනට එක්ව තිබේ.

මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.05 ට කත්මණ්ඩු නුවර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වන අතර  එය සවස 4.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .

සාර්ක් කලාපයේ රටවල උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිවී සිටින සිසුන් මෙරටට රැගෙන ඒම සඳහා තවත් ගුවන් ගමන් වාර කිහිපයක් සංවිධානය කිරීමට කටයුතු කරමින්  සිටින  බව ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකාරවරයා පැවසීය .

ඒ අනුව හෙට (25) ඉන්දියාවේ මුම්බායි වෙතත් , (26) වැනිදා ඉන්දියාවේ කොයිම්බතූර් වෙතත් , (27) වැනිදින බංග්ලාදේශයේ ඩකා ගුවන් තොටුපළ වෙතත් ,(28) වැනිදා දින යළිත් ඉන්දියාවේ බැංගලෝර් වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයත් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවද දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සමරිසි ආලය පිහි ඇනුමකින් කෙළවර වෙයි…

colombotoday

කොරෝනා අසාදිත සංඛ්‍යාව 248 දක්වා ඉහළට

colombotoday

මහ ආර්ථික අර්බූදයක් අත ළගයි.. සරසවි ඇදුරන් අනතුරු අගවයි !

colombotoday

බදියුදීන්ට නැවතත් ඇමතිකම දීමේ සූදානමක්… රතන හිමියන්ගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

8වෙනිදා විවාදය ගැන ඒකාබද්ධය – ද්‍රවිඩ සන්ධානය එක මතයක..

colombotoday

උද්ඝෝෂණයකදී පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් ඇසක් අන්ධ වු සෙබලා රජයෙන් වන්දි ඉල්ලයි

colombotoday