Colombo Today Local News

ශ්‍රී ලංකා හමුදාව පෝරකයට ගෙනියන්න හැදු ලීනා අධිකරණයේදී වැරදිකාරිය වේ

ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව නිපදවූ ‘නෝ ෆයර් සෝන් – කිලිං ෆීල්ඩ් ඔෆ් ශ්‍රී ලංකා’ (No fire zone – Killing field of Sri Lanka) චිත්‍රපටය මැ‍ලේසියානු නීති උල්ලංඝනය කරමින් ප්‍රදර්ශනය කිරීමට එරෙහිව එරට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ලීනා හෙන්රි (Lena Hendry) වැරදිකාරිය බව එරට මහෙස්ත්‍රාත් අධිකරණය පෙරේදා (21) තීරණය කර තිබේ.

ඇය මෙම චිත්‍රපටයේ රඟපෑ අතර එය 2013 වසරේ ජූලි 09 වැනි දා එරට මානව හිමිකම් වැඩසටහනක් අතරතුර ප්‍රදර්ශනය කර ඇත්තේ මැ‍ලේසියා වාරණ මණ්ඩලයේ අනුමැතියකින් තොරවය.

ඇය වැරදිකාරිය බවට තීන්දු කළ එරට මහෙස්ත්‍රාත් මොඩ් රෙහාන් මොඩ් අරීස් (Mohd Rehan Mohd Aris) පවසා ඇත්තේ විත්තිය පැමිණිල්‍ලේ සාක්ෂි බිඳ හෙළීමට අසමත් වූ බවය.

ඒ අනුව ඇය පෙර නියමකර තිබූ ඇප මතම මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා දඬුවම් නියම කිරීම එළැඹෙන මාර්තු 22 දාට කල් තබා ඇත.

එහි දී එරට වාරණ මණ්ඩලයේ 6(1) බි වගන්තියට අනුව වැරදිකාරිය වී ඇති බැවින් වසර 3ක සිරදඬුවමක් සහ දඩ මුදලක් පැනවීමට හැකි අතර මේ දෙකම වුව ද නියම කිරීමට අධිකරණයට බලය ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඇය එරට ක්‍රියාත්මක මානව හිමිකම් චිත්‍රපට ජාලයේ (Human Rights Film Network) සාමාජිකාවක වන අතර ඔවුන් සඳහන් කර තිබුණේ තමන් මෙම තීන්දුවෙන් කම්පාවට පත්වූ බවය.

Related posts

මත් පැන් සාදය මරණින් අවසන් වෙයි

Admin

ආණ්ඩුවට සල්ලි නෑ.. ත්‍රිකාණාමල වරායේ ආයෝජනයට ඉන්දියාව, ජපානය එනවා – අගමැති

colombotoday

රටේ සියළු දෙනා පව් කරලා.. බදු ගෙවා පව් ගෙවමු – අගමැති

colombotoday

සයිටම් සිසුන් කොතලාවල පීඨයට බදවාගැනීමේ කැබිනට් පත්‍රිකාවට ආචාර්යවරුන්ගේ විරෝධය

colombotoday

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි

colombotoday

සහරාන්ගේ ලිපිගොනු සැගවූ අයට අපරාධ චෝදනා නෑ. | කොමිසම දෙබිඩි පිළිවෙතක. | ජනාධිපතිතුමනි 2.50 නිර්දේශ දාන්න කුණු කූඩයට

colombotoday