Colombo Today Local News

“ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්” රජයෙන් ජාත්‍යන්තරයට පිළිතුරු

යුද හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම සම්බන්ධයෙන් ඇතැම් රටවල් හා සංවිධාන විසින් විරෝධය ප්‍රකාශ කිරීම්වලට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව සඳහන් කළේය.

“විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවකි.”

චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කණගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ.” යැයි එම නිවේදනයේ දැක්වෙයි.

Related posts

යාපනයේ තරුණයෙකුට මරු කැදවූ අනතුර

Admin

අද – හෙට විදුලි කප්පාදු කාලසටහන මෙන්න

Admin

හීනෙකින්වත් වාහනයක් ගැන හිතනව බොරු.. ඊයේ මහ රෑ වඩිකළ බද්දෙන් වාහන මිළ දෙගුණයකින් නගී

colombotoday

අලුත් මුදල් ඇමති වැඩ පෙන්නයි… ආ ගමන් සහන මල්ලක් දෙයි…

colombotoday

පුතුට කුඩු ගෙන ආ මවක් අත්අඩංගුවට

Admin

මහර ගැටුම – මියගිය රැදවියන් 06කගේ සිරුරු හඳුනාගනී

colombotoday