Colombo Today Local NewsCovid 19

ශ්‍රී ලංකාවේ දිනයක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වෙයි. සාදිතයින් ගණන 417ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 417ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයෙකු හඳූනා ගැනීමත් සමගයි.

අද දිනයේ පමණක් මෙරටින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 49ක්.

එක් දිනක් තුල ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ද මෙයයි.

මේ වන විට හඳූනාගෙන ඇති ආසාදිතයන් 417 දෙනාගෙන් 301 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

මේ වන විට වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබා සුව වීමෙන් පසු රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 109ක්.

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිත මරණ 07ක් වාර්තාවී තිබෙනවා.

Related posts

රනිල්ගේ ප්‍රතිපත්ති මෙන්න

Admin

අගමැති කොතරම් පාරම්බෑවත් “ඉට්කා” අත්සන් කරන්න ඉඩ දෙන්නෑ – ලාල් කාන්ත

colombotoday

එජාපය හැර ගියොත් බෙල්ල මිරිකනවා

colombotoday

ඇඳිරි නීතිය කඩපු 9067 දඩුවම්

colombotoday

නාවික හමුදාවේ දෙදෙනෙක් ගංජා සමග අත්අඩංගුවේ

colombotoday

අම්පාර අක්කරෙයිපත්තුව නැවත දැනුම්දෙනතුරු හුදෙකලා කරයි

colombotoday