Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ඇමරිකානු හමුදා කදවුරක්…? ගිවිසුම සූදානම්

ශ්‍රී ලංකාව ඇතුළත ඇමෙරිකානු හමුදා කඳවුරක්‌ පිහිටුවීම සඳහා අවශ්‍ය ගිවිසුමක්‌ ඇතිකර ගැනීමට ආණ්‌ඩුව කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

 ඇමෙරිකානු රජය හා ශ්‍රී ලංකා රජය අතර මේ පිළිබඳව ගිවිසුමකට එළඹීමට ඉකුත් අගෝස්‌තු මස 18 වැනිදා සාකච්ඡා පවත්වා ඇති බව ද ඊයේ

 (18 දා) පක්‍ෂ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

 මෙරටට ඇමෙරිකානු හමුදා භටයන් හා හමුදා භාණ්‌ඩ, සන්නිවේදන උපකරණ ඇතුළු උපකරණ මෙරටට ගෙනැවිත් ලංකාව සමඟ කටයුතු කිරීමට සැලසුම් කරන බව ද හෙතෙම කීය. පැමිණෙන පිරිසට ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන්ට රජය දී තිබෙන හිමිකම් සියල්ල ලබාදීමට යෝජනා වී ඇති බව ද එය රටට ඉතා හානිදායක විය හැකි බව ද ඒ මහතා කීවේය.

 ඉරාකය ඇතුළු රටවල් රැසක්‌ ඇමෙරිකානු කඳවුරු නිසා දැඩි ගැටලුවලට මුහුණ දුන් බව ද ලංකාවේ ද ජාතික ආරක්‍ෂාවට මෙමඟින් තර්ජන එල්ල විය හැකි බව ද කී ඒ මහතා වහාම ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

 එජාප ආණ්‌ඩුව අත්සන් කළ ගිවිසුම් රැසක්‌ රටට ඉතා අහිතකර නිසා මේ පිළිබඳව ජනතාව හා අනෙක්‌ වගකිවයුත්තන් සොයා බැලිය යුතු බව ද ජයසේකර මහතා කියා සිටියේ ය.

Related posts

සම්බන්ධන් මහතා කදවුරට කඩාපැන්නේ නොදැනුවත්කමින්.. හමුදා නිලධාරියා ගැන පරීක්ෂණයක් කල යුතුයි

colombotoday

නවක සාමණේර හිමිවරුන් පුහුණු කිරීමේ ජාතික වැඩසටහනක්

colombotoday

කොවිඩ් නොවන මරණ, අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කරන්න

colombotoday

යුගදනවි ඇමෙරිකාවට පැවරීම : මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

colombotoday

ETCA විරෝධය දැක්වූ වෘත්තිකයන්ට එජාප වෘත්තීය සමිති සාමාජිකයෝ පහර දෙති

colombotoday

අත්‍යාවශම නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා අලුත්ම පාස්පෝර්ට් ඔක්තෝම්බරයේ

Admin