Colombo Today Local News

විශ්වාසභංගයට පෙර අවසන් වරට අගමැති රනිල් ජනපති හමුවෙයි.. සාකච්ඡා තීරණාත්මකයි

හෙට දිනයේ විවාදයට ගැනීමට නියමිත අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පිළිබදව ජනාධිපතිවරයා සමග පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාව අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවීමට නියමිතය.

ඒ සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහහ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් සහභාගී වීමට නියමිතය.

ඊයේ රාත්‍රියේ පැවැති එජාප මන්ත්‍රී කණ්ඩායම් සාකච්ඡාවේන් පසු අග්‍රාමාත්‍යවරයා සමග එජාප මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා හමුවූ අතර සාකච්ඡ එකගතාවයකින් තොරව අවසන් වී ඇත.

මේ අතර විශ්වාසභංගයට පෙර අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඊයේ මධ්‍යම රාත්‍රියේ රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කළ අතර එම තීරණය අද දිනයේ අගමැතිවරයාට දැනුම් දීමට නියමිත බවද පැවසේ.

විශ්වාසභංගයට පෙර ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර සිදුවන අවසන් හමුවීම මෙය වනු ඇති බවද වාර්තා වේ.

Related posts

මැකෝගේ අම්බලන්ගොඩ නිවසට හොරු පනිති

colombotoday

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. දුමින්ද සිල්වාගේ රියදුරු මරුට !

colombotoday

කුණු ගැටළුව ගැන මාධ්‍යවේදීන් අසයි.. ඇමති ‘ආටක නාටක‘ පෙන්වයි (Video)

colombotoday

ආණ්ඩුවේ අමතර වියදම් පියවන්න රු.බිලියන 100ක් ඉල්ලයි

colombotoday

නොරොච්චෝලේ පළමු අදියරේ බිඳවැටීමක්

colombotoday

එජාප පළාත් පාලන සභිකයින් 59කගේ සභික ධුරය අහෝසි

colombotoday