Colombo Today Local News

“විල්පත්තු සංහාරයට මාත් විරුද්ධයි” රිෂාඩ් බදුර්දීන් පරිසර හිතකාමීන්ව ඔලුවෙන් හිටගස්සවයි

විල්පත්තු වන සංහාරය සම්බන්ධයෙන් තමන්ට ඇති චෝදනා ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඊයේ (23) කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම වැඩිදුරටත් පැවසූවේ විල්පත්තු විනාශ කර දමන වැඩපිළිවෙලට තමන්ද විරුද්ධ බවයි. තමන් එක මුස්ලිම් පවුලක් හෝ විල්පත්තුවේ පදිංචි කර ඇති නම් ඒ බව ඔප්පු කර පෙන්වන ලෙසටද ඔහු අභියෝගයක් කළා.

විල්පත්තුවේ වන විනාශය සහ රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ සම්බන්ධය පිළිබදව පරිසර හා සිවිල් සංවිධානත්, ජනමාධ්‍යයත් ප්‍රමාණයටත් වඩා සාක්ෂි සහිතව හෙළිදරව් කර ඇති බැවින් විල්පත්තුවේ සංහාරයට තමන් සම්බන්ධ නැතැයි ඇමතිවරයා කියන්නේ කටින්ද නැතිනම් වෙනත් කටකින්දැයි යන්න ගැටළුවකි. විල්පත්තු වන විනාශයට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයකින් පසුගිය සමයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසටම පැමිණිලි කළත් එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවූ බවක් මේවන තෙක් තමන්ට දැනගැනීමට ලැබී නොමැති බවයි එම සංවිධාන පවසන්නේ.

wilpattu
විල්පත්තු සංහාරය 2009 සිට 2015 දක්වා

21806_10152896639676795_3315625778373859607_nකටාරයේ “ෂෙයික් හමාඩ් බින් පදනම” නම් වූ රාජ්‍ය නොවන ආයතනයේ මූල්‍ය ආධාරයෙන් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් විල්පත්තු වනරක්ෂිත එළිකරමින් ‘ජාසින් සිටී’ නමින් ඉදිකර ඇති ජනපදයේ දර්ශන කිහිපයක්. මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ නිවාස ඒකක 514ක් සහ දෙවන අදියරේ නිවාස ඒකක 1000ක් සෑදීමට නියමිත බවත් අළුතින් හෙළි පෙහෙලි කිරීමට නියමිත ඉතිරි බිම්කඩෙහි ‘මුස්ලිම්’ ජනතාව විසිදහස් පදිංචි කිරීමට සැළසුම් කර ඇති බවත් අදාල කටාර් රාජ්‍ය නොවන සංවිධානයේ වෙඩ් අඩවියේ සදහන් කර තිබුණද මේ වනවිටත් එම තොරතුරු එම වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර ඇත.

Related posts

ධූරය රැකගන්න ඩයනා සජබෙට එරෙහිව අධිකරණයට

colombotoday

බදූර්දීන්ට එරෙහිව රතන හිමි ගේන විශ්වාසභංගයට අපේ සහය නෑ – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

මහින්දට විපක්ෂ නායකකම ඉල්ලා ඒකාබද්ධය ජාත්‍යන්තරයට යයි

colombotoday

කෝප් කමිටුවට සභාපති රංජිත් බණ්ඩාර ගේ පුත්‍රයා පැමිණීම ගැන පරීක්ෂණයක්

Admin

සේලයින් මෙරට නිෂ්පාදනයට අනුමැතිය

colombotoday

“වනජීවී නිලධාරින්ට කුඩම්මාගේ සැලකිල්ල” ජූලි 17 සහ 18 දීප ව්‍යාප්ත වර්ජනයකට සූදානම් වෙයි

colombotoday