තමන් ළගදීම ආණ්ඩුවට එක් වන්නේ යයි ඇමති එස්.බී. දිසානායක විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා සිය සිය නිල ෆේස්බුක් ගිණුමේ ඒ මහතා අදහස් පල කර ඇත්තේ මෙසේය.
ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප. පලුවේ පිනට මංත්‍රීකම හා ඇමැති කම ලද S.B. දිසානායක මහතා අද මාධ්‍යයට පවසා ඇත්තේ මා සිටින්නේ කලකිරීමෙන් බවත් මා ද ලගදීම ඔවුන්ගේ ආණ්ඩුව සමග එක්වන බවත් ය.
SB ට මෙන්ම අපේ සමහරුන්ටද උවමනා වි ඇත්තේ කලකිරීම් නැතිනම් කලකිරීම් ඇති කරවා හෝ SB ලා වැටී සිටින අසූචි පිරුනු වලට අපවද බස්සවා ගන්නටය. අපේ සමහරුන් ඒ වලට බැස ඇත්තේ සිය ඉතිහාස වගකීමට පයින් ගසාය.
SB ලා අප ගැනද සිතන්නේ ඒ මට්ටමින්නම් මට කියන්න ට ඇත්තේ SB ට හොදටම වැරදී ඇතැයි කියාය.
කෙටියෙන් කියන්න ට ඇත්තේ මෙපමනකි.
කලකිරීම් තිබුනත් නැතත් SB මහත්තයෝ අපි බඩගින්නට අසූචි කන්නේ නැත.
ඔබේ මට්ටමින් අනිත් මිනිසුන් ගැන නිගමන වලට එලබීමෙන් වලකින්න
– FB