Colombo Today Local News

විමල් තමන්ගෙ දේශපාලන මතවාදය කවදාවත් වෙනස් කළේ නෑ – ලාල් කාන්ත

විමල් වීරවංශ මහතාගේ දේශපාලන දිවියට විසි වසක් සපිරීම සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක් , ජවිපෙ දේශපාලන මණ්ඩල සභික K.D.ලාලකාන්ත මහතාගෙන් අදහස් විමසා තිබුනා.

මේ එහිදී ඔහු දැක්වූ අදහස්

විමල් තමන්ගෙ දේශපාලන මතවාදය කවදාවත් වෙනස් කළේ නෑ. ඔහු මා දන්න අවධියෙ ඉඳන්ම හිටියෙ ඔහු දැනට දරන දේශපාලන මතවාදයෙම තමයි. ඔහු අපිත් එක්ක ඉද්දිත්, අපෙන් ගියාට පස්සෙත් එකම දේශපාලන අරමුණකින් විවිධ මං සොයමින් ඉදිරියට ම යනවා. ඔහු දකින දේට අනුව, ඉතාම වේගයෙන් ක්‍රියාත්මක වෙන කෙනෙක්. වේගයෙන් උපක්‍රම තෝරන කෙනෙක්. ඔහු සතුරා යැයි හඳුනාගත්තු අයට දැඩිව පහර දෙනවා. ඔහු මිතුරා යැයි හඳුනාගත්තු අය එක්ක දැඩි මිත්‍රකම් පවත්වනවා.

විමල්ට වේගෙන් ලියන්න පුළුවන්. වේගෙන් කතා කරන්න පුළුවන්.

මෙතැනදි විමල් ජ.වි.පෙ.න් ඉවත්ව යාම ගැනත් යමක් කියන්න ඕන. එකක් තමයි විමල් ඉවත්ව ගිය එක. අනික තමයි පක්ෂය විමල්ව ඉවත් කළ එක. මේ දෙකම එකවර සිද්ධ වුණා. යම් විදියකින් විමල් තව ටිකක් ඉවසීමෙන් වැඩ කළා නම්, සමහරවිට විමල් තවමත් අපිත් එක්ක ම ඉන්නවා.

විමල්ගෙ විශේෂ ගති ලක්ෂණ ගැනත් යමක් කියනව නම්, මට හිතෙන්නෙ විමල් මිතුරු ඇසුරු පවත්වන විදියත් ටිකක් විශේෂයි කියලා. එයා කවුරු හරි එක්ක තද බල මිත්‍රත්වයක් පටන්ගත්තොත් ඒක උපරිමයෙන් නඩත්තු කරනවා. යම් මොහොතක ඒ මිත්‍රත්වය පලුදු වුණොත් එහෙම එයා සම්පූර්ණයෙන්ම අනික් අන්තයට යනවා. ඒ කියන්නෙ සදාකාලිකව අත්හරිනවා.

විමල් ගැන ඉතිං මට කියන්න තියෙන්නෙ ඕවා තමයි

Related posts

පාස්කු වාර්තාවේ සංවේදී තොරතුරු සහිත ඉතිරි වෙළුම් 22ත් නීතිපතිට

colombotoday

රට රැකියා දෙනවා කියා මුදල් ගැරූ දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහළුමක් පුපුරයි

colombotoday

ග්‍රෑන්ඩ් හයට් හෝටලයේ ඉතිරි වැඩ වලට සල්ලි නෑ… හිල්ටන් හෝටලයත් සමග විකුණා දැමීමට ඇමති මණ්ඩලය තීරණය කරයි..

colombotoday

ගෘහස්ත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හඳුන්වා දීමේ සැලසුමක්

colombotoday

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

Admin